බන්ධනාගාරයේ සිටින පිල්ලෙයාන්ට ආගමික උත්සවවලට යන්න අවසර.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, November 15, 2020

බන්ධනාගාරයේ සිටින පිල්ලෙයාන්ට ආගමික උත්සවවලට යන්න අවසර..

දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ට ආගමික උත්සව සඳහා සහභාගී වීමට අවසරය හිමිව තිබේ. ඒ අනුව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අවසරය මත ඔහු කෝවිලක පැවති උත්සවයකට සහභාගී වී ඇත.

එමෙන්ම පසුගියදා මඩකළපු දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම සඳහා ද ඔහු සහභාගී විය.

ඔහු පාර්ලිමේන්තු මැතිවරණය ජය ගන්නා ලද්දේ ද රක්ෂිත බන්ධනාගාර ගතව සිටියදීමය.

ඔහුට පාර්ලිමේන්තු රැස්වීම් සහ වලට සහභාගි වීමටද අවසර හිමිව තිබේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජෝෂප් පරරාජසිංහම් ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වීම මත ඔහු රක්‍ෂිත බන්ධනාගාරගතව සිටී.

No comments:

Post a Comment

Post Bottom Ad