බැසිල්ට පාර්ලිමේන්තු එන්නැයි ආරාධනා බොහෝ තිබෙනවා.. නමුත් තවම තීරණයක් නෑ..- මහින්ද - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, November 15, 2020

බැසිල්ට පාර්ලිමේන්තු එන්නැයි ආරාධනා බොහෝ තිබෙනවා.. නමුත් තවම තීරණයක් නෑ..- මහින්ද

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීම සම්බන්ධයෙන් මේ වන තෙක් තීරණයක් ගෙන නැති බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි. ආණ්ඩුවේම මැති ඇමතුම් කිහිප දෙනෙක්ම නැවත වතාවක් බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස ඉල්ලීම් රැසක් කර ඇති බව මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

නමුත් ඒ සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතා මෙතෙක් තීරණයක් ගෙන නැතැයි ද අගමැතිවරයා සති අන්ත ඉරිදා දිවයින පුවත්පත සඳහන් කර තිබේ.

බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණෙනු ඇති බවත් ඒ සඳහා දැනට ජාතික ලැයිස්තුවෙන් පත් කර සිටින මන්ත්‍රීවරයකු ඉල්ලා අස්වීමට නියමිත බවත් පැතිර යන වාර්තා සම්බන්ධයෙන් කළ විමසීමකදී මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad