බදුර්දීන්ගේ දිගාමඩුලු ගෝලයා මන්ත්‍රී මුශාරෆ් ලාහුගල වනෝද්‍යානයට කඩා පනී. | මායිම් ගල් ගලවා දමා මහා වන සංහාරයකට අර අඳියි. - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, November 14, 2020

බදුර්දීන්ගේ දිගාමඩුලු ගෝලයා මන්ත්‍රී මුශාරෆ් ලාහුගල වනෝද්‍යානයට කඩා පනී. | මායිම් ගල් ගලවා දමා මහා වන සංහාරයකට අර අඳියි.

ලාහුගල ජාතික වනෝද්‍යානයේ සීමා සටහන් කරමින් වනජීවී දෙපාර්තමේන්තුව විසින් ස්ථාපනය කර තිබු මායිම් ගල් ඉවත් කර වනෝද්‍යානයේ සීමා සටහන් කිරීමට විරුද්ධ වෙමින් ජාතික වනෝද්‍යානයක් තුල අනවසර ක්‍රියාකාරකම් සිදුකිරීම සඳහා රිෂාඩ් බදුර්දීන්ගේ පක්ෂයේ දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.එම් මුශාරෆ් නැමැත්තා තම ආධාර කරුවන් ද සමග වනෝද්‍යානය තුලට කඩා පැන තිබෙනවා.

මෙම සිදුවීම ඔහු විසින් වීඩියෝ ගතකර අන්තර්ජාලයට එක් කර තිබෙන්නේ තමා නීතියට වඩා ඉහලින් සිටින්නෙකු පරිද්දෙනි. ජාතික වනෝද්‍යානයක සීමා මායිම් බලහත්කාරයෙන් ගලවා දමා තමන්ගෙ හිතුමනාපයට ඒවා ගොවීන්ට ලබා දීමට මොහුට බලය දුන්නේ කවුරුන්ද? වනජීවී දෙපාර්තුමේන්තුවේ නිළධාරීන්ගෙ රාජකාරියට බාදා කිරීම, ජාතික වනෝද්‍යානයකට අනවසරෙන් ඇතුලු වීම, ජාතික වනෝද්‍යානයක් තුල අනවසර කටයුතු සඳහා ආධාර සහ අනුබල දීම යන වනසත්ව හා වෘක්ෂලතා ආඥා පණත යටතේ ගැනෙන වරදවල් කිහිපයක් එස්.එම්.එම් මුශාරෆ් ඇතුළු පිරිස සිදුකර ඇත.

ගොවිබිම් ඕනෑතරම් අවට තිබියදි ලාහුගල ජාතික වනෝද්‍යාන තුලට කඩා පනින්නේ තවත් විල්පත්තුවක් බවට මෙම වනෝද්‍යානය ද පත්කිරීමට දැයි ඉතාමත් හොඳින් තේරුම්ගත හැක.

ලාහුගල ජාතික වනෝද්‍යානය යනු ශ්‍රී ලංකාවේ ජාතික වනෝද්‍යාන අතරින් කුඩාම ජාතික වනෝද්‍යානයක් වේ. හෙක්ටෙයාර 5131 පමණ වපසරියෙන් යුත් ලාහුගල ජාතික වනෝද්‍යානය ප්‍රමාණයෙන් කුඩා වුවද පාරිසරික වශයෙන් ඉතාමත් වැදගත් ප්‍රදේශයකි. 2006/07/20 දින ජාතික වනෝද්‍යානයක් ලෙස ලාහුගල නම් කර ඇත. විශාල අලි ඇතුන් ප්‍රමාණයක් ලාහුගල මහවැව ආශ්‍රිතව වැවෙන බෙරු ආහාරයට ගැනීම සඳහා ඇතුළු වේ. ඇතිමලේ, ඉඟිනියාගල දකුණ, වට්ටමාරු, කුමන, සියඹලාන්ඩුව වැනි විවිධ පැතිවල සිට මේ දැවැන්තයො ලාහුගලට සංක්‍රමණය වේ. පැහැදිලි වියන් ස්ථර සහිත ඉතාමත් හොඳ වියළි මිශ්‍ර වනාන්තර පද්ධතියක් ලාහුගල දකින්නදැකගැනීමට හැකිය.

No comments:

Post a Comment

Post Bottom Ad