අහඹු සමාජ නියැදි පරීක්ෂාව අත්‍යවශ්‍යයි කියා දැන්වත් පිළිනොගන්නේ නම් යළි පොකුරු අවදානමක් - GMOA - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, November 14, 2020

අහඹු සමාජ නියැදි පරීක්ෂාව අත්‍යවශ්‍යයි කියා දැන්වත් පිළිනොගන්නේ නම් යළි පොකුරු අවදානමක් - GMOA

වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානියා තවමත් අහඹු සමාජ නියැදි පරීක්ෂණ අවශ්‍ය යැයි පිළිනොගන්නා තත්වයක් පෙන්නුම් කෙරෙන බවත් එම පරීක්ෂණ සිදු නොකෙරෙන්නේ නම් නැවතත් පෑලියගොඩ වැනි විශාල පොකුරු දිවයිනේ විවිධ ස්ථානවලින් හමුවීම වළක්වාගත නොහැකි වනු ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක, වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි. 

"අහඹු සමාජ නියැදි පරීක්ෂාව හරියට සිද්ධ වෙච්ච නැති හින්දා තමයි එක පාරටම තැන් තැන්වලින් පොකුරු මතුවෙන්නෙ. රටක් විදියට අහඹු පරීක්ෂණවලට ගිහිල්ලා තිබුණා නම් මිනුවන්ගොඩ පොකුර දහස් ගාණකට පැතිරෙනකල් මේ විදියට යන්නෙ නෑනෙ. 

විශේෂයෙන් වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂවරයා ඊයෙ දවසේ කරපු ප්‍රකාශ හරහා පේන්න තියෙන දේ තමයි එතුමා තාම පිළිගන්නෙ නෑ සමාජ නියැදි පරීක්ෂා කරන්න ඕනැයි කියන එක. ඉලක්කය ගන්නෙ නැතුව හතර අතේ වෙඩි තියන්න කියලා අපි කියන්නෙත් නෑ. ඉලක්කයක් තියෙන්න ඕනෙ. ඉලක්කය හඳුනාගෙන වැඩේ කරන්න ඕනෙ. ඒ නිසා අපි යෝජනා කරනවා මේ වගේ ප්‍රකාශ නිකුත් කර කර ඉන්නවාට වඩා මේ සඳහා ක්‍රමවේදයක් හදලා රටට ඉදිරිපත් කරන්න. ජනාධිපතිතුමාට ඉදිරිපත් කරන්න අපි අහඹු නියැදි වලට යන්නෙ කොහොමද කියන එක. 

අඩුම ගාණෙ මේ මොහොතෙවත් සමාජ නියැදි කරන්න ඕනෙ කියන එක පිළිගන්න. ඒක පිළිනොගන්නා තාක් කල් අපට අනාගතයේදී තවත් පෑලියගොඩ වගේ පොකුරක් මතුවෙන එක, අනාගතයේදී නැවත මිනුවන්ගොඩ වගේ පොකුරක් මතුවෙන එක, ඒක හෙට අනුරාධපුරෙන් මතුවෙන එක, එහෙම නැත්නම් කුරුණෑගලින් මතුවෙන එක වළක්වන්න බෑ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මේ බව පැවසුවේ ඊයේ (14) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. 

No comments:

Post a Comment

Post Bottom Ad