කොළඹින් රටටම කොවිඩ් පැතිරීමේ අවදානමක් ගැන අනතුරු එළි දැල්වේ – ඉදිරි සතිය ඇතුළත බරපතල තත්ත්වයක් ! - විගස පුවත් - Vigasapuwath

Wednesday, December 16, 2020

කොළඹින් රටටම කොවිඩ් පැතිරීමේ අවදානමක් ගැන අනතුරු එළි දැල්වේ – ඉදිරි සතිය ඇතුළත බරපතල තත්ත්වයක් !

සෞඛ්‍ය උපදෙස් පිළිනොපැද කටයුුතු කරන පොදු ප්‍රවාහනය හේතුවෙන් රටපුරා කොවිඩ් පැතිර යාමේ දැඩි අවදානමක් මතුව ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවනවා. කොළඹ සිට පිට පළාත් වෙත ධාවනය වන බස් රථවල මගීන්, කොන්දොස්තර හා රියැදුරු සෞඛ්‍ය උපදෙස් නිසි ලෙස පිළිනොපදින තත්ත්වයක් මත වයිරසය පිටපළාත් වෙත සංක්‍රමණය වීමක් ආරම්භ වී ඇතැයි සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය පෙන්වා දෙනවා.

මේ හේතුවෙන් ඉදිරි සතිය ඇතුළත දිවයින පුරා ප්‍රදේශ ගණනාවකින් කොවිඩ් රෝගීන් වාර්තාවීමේ බරපතළ අවදානමක් පවතින බැවින් පොදු ප්‍රවාහන සේවාව සම්බන්ධයෙන් කිසියම් තීරණයක් ගැනීමට සිදු විය හැකියැයි ද හෙතෙම අවධාරණය කරනවා.

මේ අතර පොදු ප්‍රවාහනයේ දී අසුන් ප්‍රමාණයට පමණක් මගීන් රැගෙන යා යුතුබව සඳහන් කරමින් නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥාපනතට නව රෙගුලාසියක් ඊයේ (15 වැනිදා) සිට ඇතුළත් කර තිබෙනවා.

තවද ධාවනය වන මෝටර් වාහනයක් තුළ කිසිදු මගියකු සිටගෙන ගමන් නොකළ යුතු බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ප්‍රකාශ කරනවා.

නව රෙගුලාසි පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පොලිස්පතිවරයා ද දැනුවත් කර ඇති අතර ඒ පිළිබඳව සියලුම පොලිස් ස්ථාන දැනුවත් කරන රෙගුලාසි කඩ කරන්නට නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥා පනතේ විධිවිධාන අනුව කටයුතු කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පොලිස්පතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා.


No comments:

Post a Comment

Post Bottom Ad






Contact Form

Name

Email *

Message *