අද රට තුළ විශාල නිලධාරිවාදයක් ක්‍රියාත්මක වෙමින් ඇති බවත් ඒ හේතුවෙන් ජනාදිපතිගේ තීරණ පවා ක්‍රියාත්මක නොවන බවත් රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් කරයි.
ජනතාව මේ වන විට ආර්ථික වශයෙන් පීඩනයක ට මුහුණ දී සිටින බවත් පොදු මහජනතාව රජය ගැන කලකිරී සිටින බවත් ඒ මහතා පවසයි.
සතිඅන්ත විකල්ප පුවත්පතක් සමග සාකච්ඡාවකට එක්වෙමින් ඇමතිවරයා සඳහන් කරන්නේ රජය වැඩ කොටසක් සිදු කර ඇතත් ඒ කරුණු මතු වී පෙනෙන්නේ නැති බවයි.
ඊට හේතුව ලෙස ඔහු පෙන්වන්නේ රජයට එරෙහිව අසත්‍ය සමාජගත වී ඇති බවත් නවීන තාක්ෂණය සහ සමාජ මාධ්‍ය ඊට අනුබල ලැබී ඇති බවත්ය.

No comments:
Post a Comment