කොරෝනාවෙන් මියෙන අයට ලොකු සහනයක්.. කාඩ්බෝඩ් මිනී පෙට්ටි 10,000ට එයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, May 25, 2021

කොරෝනාවෙන් මියෙන අයට ලොකු සහනයක්.. කාඩ්බෝඩ් මිනී පෙට්ටි 10,000ට එයි

කොරෝනා මෘතදේහ බහාලීම සඳහා කාඩ්බෝඩ් මීනී පෙට්ටි වර්ගයක් දෙහිවල ගල්කිස්ස නගර සභාව විසින් හඳුන්වා දී තිබේ.

ඉන් එකක් සඳහා වැය වන මුදල රුපියල් දස දහසකට අඩු මුදලක් බව දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ මන්ත්‍රී ප්‍රියන්ත සහබන්දු මහතා සඳහන් කරයි.

මේවා නිෂ්පාදන කරනු ලබන්නේ ඉවතලන කඩදාසි සහ කාඩ්බෝඩ් ප්‍රතිචක්‍රීකරණය කිරීමෙන් බවද ඒ මහතා පැවසීය.

දෙහිවල ගල්කිස්ස නගර සභාව මෙ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බවද පැවසූ ඔහු කාඩ්බෝඩ් පෙට්ටියේ බහාලූ මුල්ම මෘත දේහය ඊයේ දිනයේ ආදාහනය කරන ලද බවද පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad