"ශ්‍රී ලංකාවට යන්න එපා" - ඇමරිකාව රටවැසියන්ට කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, May 25, 2021

"ශ්‍රී ලංකාවට යන්න එපා" - ඇමරිකාව රටවැසියන්ට කියයි

ශ්‍රී ලංකාව පිළිබඳ සිය සංචාරක උපදෙස් 3 වන මට්ටමේ සිට 4 වන මට්ටම දක්වා යාවත්කාලීන කිරීමට ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. සංචාරක උපදෙස්වල 3 වැනි මට්ටමේ දී අදාළ රට හෝ ප්‍රදේශයේ සංචාරය කරනවාද නැද්ද යන්න පිළිබඳ නැවත සලකා බලන ලෙස උපදෙස් ලැබෙන අතර, 4 වැනි මට්ටමේ දී උපදෙස් දෙනු ලබන්නේ අදාළ ප්‍රදේශයේ හෝ රටේ සංචාරය නොකරන ලෙසයි.

මේ අනුව මේවන විට ශ්‍රී ලංකාවේ සංචාරය නොකරන ලෙස ඇමරිකානු පුරවැසියන් වෙත එරට රජය දැනුම් දෙනවා.

ඒ සම්බන්ධයෙන් පැහැදිලි කරමින් කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලය සදහන් කළේ ශ්‍රී ලංකාව තුළ පවතින කොවිඩ් වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් නව සංචාරක උපදෙස් නිකුත් කළ බවයි.


කෙසේ වෙතත් ත්‍රස්තවාදී උවදුරු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව පිළිබඳ නිකුත් කර ඇති අනතුරු ඇඟවීමේ නිවේදනයන්හි කිසිදු වෙනසක් නොමැකි බව ද කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලය පවසනවා.

No comments:

Post a Comment

Post Bottom Ad