ලයිට් කණුවක වාසිය ගත් කොරෝනා ආසාදිතයා බන්ධනාගාර බස් රථයෙන් පැන්න හැටි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, May 25, 2021

ලයිට් කණුවක වාසිය ගත් කොරෝනා ආසාදිතයා බන්ධනාගාර බස් රථයෙන් පැන්න හැටි

බුස්ස බන්ධනාගාරයේ සිට අගුණුකොළපැලැස්ස බන්ධනාගාරය වෙත රැගෙන යමින් සිටි කොවිඩ් ආසාදිත රැදවියන් පිරිසක් අතර සිටි රැදවියකු ඊයේ (25) රාත්‍රි 7.00 පමණ මාතර වල්ගම ප්‍රදේශයේ දි  බන්ධනාගාර බසයේ ජනෙලයකින් පැන ගොස් ඇති බව බන්ධනාගාර දෙපාර්තුමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක (කොමසාරිස් පාලන) චන්දන ඒකනායක මහතා පවසයි.

පැනයගිය රැදවියා 27 හැවිරිදි වියේ පසුවන අයෙකි. 

බුස්ස බන්ධනාගාරයේ සිට කොවිඩ් ආසාදිත රැදවියන් 36 දෙනෙකු අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ පිහිටි කොවිඩි වෛද්‍ය ප්‍රථිකාර මධ්‍යස්ථානය වෙත රැගෙන යමින් සිටියදි  මෙම රැදවියා  බසයෙන්  පැනගොස් ඇත.

පැවති අයහපත් කාලගුණික තත්වය නිසා විදුලි කණුවක් මාර්ගයට වැටිම නිසා මාතර වල්ගම ප්‍රදේශයේ දි බසය සෙමින් ධාවනය කොට තිබේ.

එම අවස්ථාව ප්‍රයෝජනයට ගත් රැදවියා බසයේ දැල්ගසා ආවරණය කර තිබු ජනේලයේ දැල් කඩාගෙන පැනගොස් ඇත.‍

පැනගිය මෙම රැදවියා සොයා පොලිසිය හා බන්ධනාගාරය එක්ව විශේෂ මෙහෙයුමක්ද ආරම්භ කොට තිබේ.

ගාල්ල - ලලිත් චාමින්ද

No comments:

Post a Comment

Post Bottom Ad