පිරිසුදු පොල්තෙල් කොරෝනා මඩිනවා - රසායන විද්‍යා මහාචාර්යවරයෙක් උපුටමින් CNN කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, May 25, 2021

පිරිසුදු පොල්තෙල් කොරෝනා මඩිනවා - රසායන විද්‍යා මහාචාර්යවරයෙක් උපුටමින් CNN කියයි

කොරෝනා ආසාදනයෙන් ඇතිවන රෝග ලක්ෂණ මර්දනය කිරීමට පිරිසිදු පොල්තෙල් යොදා ගත හැකි බව පිලිපීනයේ ප්‍රධාන කළේ රසායනික විද්‍යා මහාචාර්යවරයකු උපුටා දක්වමින් සීඑන්එන් පුවත් සේවය වාර්ථා කරයි. වෛරසය ආසාදනය වීමෙන් ඇතිවන මද රෝග ලක්ෂණ පෙන්නුම් කරන සහ වෛරස ආසාදනය වී ඇතැයි සැක කරන අයගේ රෝග ලක්ෂණ පාලනය කිරීමට පිරිසිදු පොල්තෙල් වලට හැකියාව ඇති බවත් දැනට සිදු කර ඇති අධ්‍යන වලින් හෙළි වී ඇතැයිද ඔහු සඳහන් කර තිබේ.

අසාධ්‍ය තත්ත්වයට පත් වන ආසාදිතයන්ට පූර්ව රෝගී ලක්ෂණ තිබෙන රෝගීන්ටත් පිරිසුදු පොල්තෙල් වලින් වන බලපෑම පිළිබඳ අධ්‍යයනය කිරීමටත් පර්යේෂකයන්ට අවස්ථාව ලබා දී ඇති බවත් ඔහු පවසයි.

පිරිසුදු පොල් තෙල් මගින් කොරෝනා ආසාදිත පුද්ගලයන්ගේ ශරීර තුළ වෛරස් පරිමාව 90% දක්වා ප්‍රමාණයකින් අඩු කිරීමට හැකියාව ඇති බවද අධ්‍යන වලින් හෙලිවී තිබේ.

එමෙන්ම පිරිසුදු පොල්තෙල්වලින් කොරෝනා වෛරසයට එරෙහි ශරීරවල ප්‍රතිශක්තිකරණ හැකියාව වර්ධනය කරන බවද අනාවරණය වී ඇත.

එම වාර්තාව මෙතනින් 

No comments:

Post a Comment

Post Bottom Ad