ජනතාවගේ හැසිරිම හොද නෑ ! ඉදිරියේදී වෙලද සැල් විවෘත නොකර විකල්ප ක‍්‍රමයක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, May 25, 2021

ජනතාවගේ හැසිරිම හොද නෑ ! ඉදිරියේදී වෙලද සැල් විවෘත නොකර විකල්ප ක‍්‍රමයක්

අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීම සඳහා සංචරණ සීමාවේ ලිහිල් කල අද දිනයේ බොහෝ පිරිසක් හැසිරුණු ආකාරය ගැන සතුටු විය නොහැකි බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

එනිසා ඉදිරියේදී වෙළඳසැල් විවෘත කිරීම වෙනුවට විකල්ප ක්‍රියා මාර්ගයකට යොමු වීමට සිදු වනු ඇතැයිද ඒ මහතා කීය.

ඒ අනුව අත්‍යවශ්‍ය භාණ්ඩ ජංගම රථ යොදවා බෙදාහැරීමේ වැඩපිළිවෙළට ඉදිරියේදී යොමු වීමට සිදු වනු ඇතැයි ද ඔහු පැවසීය.

තමන්ට ආසන්න වෙළඳසැලෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමට දුන් අවස්ථාව ඇතැමුන් අවභාවිත කළ ආකාරයක් පෙනෙන්නට ඇතැයි ද පැවසූ ඔහු ජනතාව මෙලෙස අවිචාරවත් ලෙස කටයුතු කිරීම නිසා අහිතකර ප්‍රතිඵල ලැබෙනු ඇතැයිද කියා සිටියේය.

එමෙන්ම මෙවන් හැසිරීම් හේතුවෙන් කොරෝනා පැතිරීම වැඩි විය හැකි යැයි ද ඔහු තවදුරටත් අනතුරු ඇඟවීය.

No comments:

Post a Comment

Post Bottom Ad