පොලිසිය නොසන්සුන්.. ජනපතිට-අගමැතිටත් දන්වයි ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, August 12, 2021

පොලිසිය නොසන්සුන්.. ජනපතිට-අගමැතිටත් දන්වයි !

පොලිස් දෙපාර්තමේන්තුවේ උසස්වීම් ලබාදීම ප්‍රමාද වීම හේතුවෙන් එහි ඉහළ නිලධාරීන් අතර නොසන්සුන්තාවයක් මතුව ඇති බව ආරංචි පොලිස් ආරංචි මාර්ග වාර්තා කරයි. පසුගිය වසරේ සැප්තැම්බර් 10 දින සිට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් ලෙස පත් කරන ලද පත්වීම් ලද නිලධාරීන් පිරිසක් මේ දක්වාම වැඩබලන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් ලෙස සේවයේ පිහිටුවා සිටින්නේ එම තනතුරුවල පුරප්පාඩු තිබියදීත් ඒවායේ ස්ථිර කිරීමක් සිදු නොකරය.

දැනටත් කොට්ඨාස භාර හා අංශ ප්‍රධානීන් ලෙස මෙම පිරිස් ජේෂ්ඨ පොලිස් අධිකාරි තනතුරුවල වැඩ බැලීම සඳහා පත් කර තිබේ.

එමෙන්ම පුරප්පාඩු 230ක් පමණ ඇති සහකාර පොලිස් අධිකාරි තනතුරු සම්මුඛ පරීක්‍ෂණ පවා පවත්වා තිබියදී ඒ සදහා උසස් වීම බලාපොරොත්තුවෙන් වසරක පමණ කාලයක් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් විශාල පිරිසක් බලා සිටිති.

මතුව ඇති තත්ත්වය ජනාධිපති, අගමැති කැබිනට් අමාත්‍යවරුන් ඇතුළු ඉහල නිලධාරීන්ට වතාවන් කිහිපයකදීම දැනුවත් කර ඇතත් ඒ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ගයක් මෙතෙක් ගෙන නැතැයිද පොලීසියේ ඉහළ නිලධාරීන් කියා සිටිති.

කෙසේ නමුත් වත්මන් පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා ද වැඩබලන පොලිස්පති තනතුරේ සිටියේ අදාළ කාල සීමාවේ බවත් පසුව ඔහු එම තනතුරේ ස්ථිර වී ඇති බවත් ඔවුහු පෙන්වා දෙති.


No comments:

Post a Comment

Post Bottom Ad