“රට වහලා-කන්ඩ නැතිව මැරෙනවා ද? ඇරන් ඉදලා ඔක්සිජන් නැතිව මැරෙනවාද…?” - ආචාර්ය චන්දිම ජීවන්දර - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, August 12, 2021

“රට වහලා-කන්ඩ නැතිව මැරෙනවා ද? ඇරන් ඉදලා ඔක්සිජන් නැතිව මැරෙනවාද…?” - ආචාර්ය චන්දිම ජීවන්දර

මේ වන විට කොළඹින් වාර්තාවන ආසාදිතයන්ගෙන් 
98% ක් ඩෙල්ටා ප‍්‍රභේදය ආසාදිතයන් වුවද, අනෙක් ප‍්‍රදේශවලට තවමත් ඩෙල්ටා ව්‍යාප්ත වී නැති බව ආචාර් චන්දිම ජීවන්දර මහතා පවසයි.

ඒ අනුව, මේ වන විටත් රට පවතින්නේ ඩෙල්ටා ප‍්‍රභේදයේ ආරම්භක අදියරේ බවයි ඔහු පවසන්නේ. තත්ත්වය ඉතාම නරක අතට හැරීම, ඉදිරි දෙසතියේ දී සිදුවිය හැකි බව වෛද්‍ය චන්දිම ජීවන්දර මහතාගේ අදහසයි.

ඩෙල්ටා ප‍්‍රභේදයට ගොදුරු වූ සෑම රටක්ම, වසංගතයෙන් ඉතාම දරුණු ලෙස බැට කා තිබේ.
ලංකාව, තවමත් ඩෙල්ටා ප‍්‍රභේදය ව්‍යාප්ත වීමේ ආරම්භක සමයේ සිටින බැවින්, හැකි ඉක්මනින්, එය ව්‍යාප්තවීම වැළැක්වීම සදහා පියවර ගත යුතුව තිබෙන බව වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

ජනගහනයෙන් මිලියන පහකට ඩෙල්ටා ප‍්‍රභේදය ආසාදිත වුවහොත්, ඉන් 1% ක් මිය යන්නේ යැයි අනුමාන කළහොත්, පනස් දහසක් දෙනා ඉන් මිය යයි.

මේ වන විට ඔක්ස්ජින් නිෂ්පාදනයද උපරිම සීමාව දක්වා පැමිණ ඇති බවයි වෛද්‍ය ජීවන්දර මහතා පවසන්නේ. ඒ අනුව, මේ වන විට මිනිසුන් ඉදිරියේ විකල්ප දෙකක් ඉතිරි වී තිබේ.

එකක් වන්නේ ඔක්සිජන් නැතිව මිය යාමයි. අනෙක වන්නේ කන්ඩ නැතිව මිය යාමයි…නමුත් ලංකාව වැනි රටක මිනිසුන් කන්ඩ නැතිව මිය යාම දුර්ලභ ය. ඊට හේතුව කන්ඩ තියෙන මිනිසුන් කන්ඩ නැති මිනිසුන්ට කන්ඩ දීමයි.

නමුත් ඔක්සිජන් නැතිව ජීවත් වීමට නොහැකි බව වෛද්‍ය ජීවන්දර මහතා පවසයි.

දෙරණ නාලිකාව ඔස්සේ විකාශය වූ අළුත් පාර්ලිමේන්තුව නම් වැඩසටහනට සහභාගී වෙමින් වෛද්‍යවරයා මේ බව පවසා තිබුණි.


No comments:

Post a Comment

Post Bottom Ad