මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රී කොවිඩ් පොකුරක් යළිත් නිර්මාණය වෙමින් තිබෙන්නේ.
ඒ අවධානමද නොසලකා ඩයනා ගමගේ මන්ත්‍රීවරියගේ තලවතුගොඩ නිවසේ ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් සුපිරි සාදයක් පවත්වා තිබෙන බව දැනගන්නට තිබෙනවා.
ඉල්ලා අස්වීමේ සතුට
බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පැමිණීම සඳහා සිය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස් වූ ජයන්ත කැටගොඩ මහතා වෙනුවෙන් මෙම සාදය සිය නිවසේ පැවැත්වීමේ කටයුත්ත ගමගේ මන්ත්‍රීවරිය විසින් සංවිධානය කර තිබෙනවා.
ඊට පසු පසු පෙළ මන්ත්‍රිවරුන් බොහෝ පිරිසක් සහභාගී වූ බවයි දැනගන්නට තිබෙන්නේ.
රාජ්‍ය ඇමතිවරුන් දෙදෙනා
ඔවුන්ට අමතරව ලොහාන් රත්වත්තේ සහ නිමල් ලන්සා යන රාජ්‍ය අමාත්‍යවරුන් දෙපළද මෙම සාදයට සහභාගි වූ බවත් වාර්තා වනවා.
අදාළ සාදයට මත් පැනින් සහ සංගීතයෙන් අඩුවක් තිබී නැහැ.
වසංගත නීති රීති අදාල නොවීම
කොවිඩ් වසංගත තත්ත්වය යළිත් ඉතා දරුණු අතට හැරී තිබීම හේතුවෙන් එය පාලනය කර ගැනීම සඳහා විවාහ මංගල්‍යය , ප්‍රිය සම්භාෂණ පමණක් නොව අවමංගල්‍ය උත්සව සඳහාද ආණ්ඩුව විසින් දැඩි නීති රීති පණවා තිබෙන අවස්ථාවක ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරියක එම නීති රීති නොසලකා මෙවන් සාදයක් සංවිධානය කිරීම කැපී පෙනෙන කාරණයක්.
ඩයනා ගමගේ මහත්මිය සමගි ජන බලවේගය ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වී මාස තුනක් යාමටත් මත්තෙන් ආණ්ඩුවට එකතු වූ මන්ත්‍රීවරියක්.
20 විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සමගි ජන බලවේගය ගත් ස්ථාවරයට විරුද්ධව යමින් ඊට පක්ෂව ආණ්ඩුවත් සමග ඡන්දය දෙමින් ගමගේ මන්ත්‍රීවරිය ආණ්ඩුවට එකතු වුණා.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhS-j9IWc2HMsovOnCc2oYO4SYDYkbxkg1zcxC5npzOpMbVQSztyZ0VMX72jeiILjpL9mfQaA1w9GScaNNss27zseOwbYIjCO7urgeHRRoiroXtP9mKdGofgrC1Hpfm7nlRrxnsLoWo3Juo/s1600/shareit.jpg)
No comments:
Post a Comment