ආදාහනාගාර තදබදයි… කොරෝනා සිරුරු රෝහල්වල ගොඩගැසිලා…- සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, August 8, 2021

ආදාහනාගාර තදබදයි… කොරෝනා සිරුරු රෝහල්වල ගොඩගැසිලා…- සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්

ආදාහනාගාර වල ඇතිව තිබෙන තදබදයක් නිසා රෝහල්වල දින දෙක තුනක් තිස්සේ මළ සිරුරු ගොඩ ගැසුනු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

නමුත් මේ වන විට දේශපාලන නායකත්වයත් පොලිසිය මැදිහත්වී එම මෘත දේහවල අවසන් කටයුතු කිරීමට සියල්ල සූදානම් කර ඇතැයිද ඔහු පැවසීය.

මෘතදේහ ආදාහනය කිරීමට එම ප්‍රදේශයන්හි ආදාහනාගාර අවශ්‍ය බවත් එම ආහානාගාරවල කොරෝනා මෘතදේහ මෙන්ම සාමාන්‍ය ලෙස මියයන අයගේද මෘත ශරීරය ගෙන එන නිසා යම් තදබදයක් ඇති වී තිබුණ බව ද ඔහු පෙන්වා දෙයි.

ඒ හේතුවෙන් රෝහල්වල දින දෙක තුනක් තිස්සේ මෘත ශරීර තබා ගැනීමට සිදුවූ බවද පැවසූ ඔහු අද හෙට දිනවල අදාළ මෘතදේහ සඳහා අවසන් කටයුතු කිරීමට සියල්ල සූදානම් කර ඇති බවද කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad