කබ්රාල් ගිය සතියේ බිලියන 106ක සල්ලි අච්චු ගහලා! විදේශ සංචිත ඩොලර් බිලියන 2ට බහී! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, October 8, 2021

කබ්රාල් ගිය සතියේ බිලියන 106ක සල්ලි අච්චු ගහලා! විදේශ සංචිත ඩොලර් බිලියන 2ට බහී!

ගෙවුණු සතිය තුළදී ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් බිලියන 106 ක් අලුතින් නිකුත් කිරීම හෙවත් මුදල් මුද්‍රණය කිරීම සිදු කර තිබේ.

මහ බැංකුව ප්‍රකාශයට පත්කර ඇති දත්තවලට අනුව මේ වනවිට නිකුත් කර ඇති මුළු භාණ්ඩාගාර බිල්පත් තොගය රුපියල් ට්‍රිලියන 1.4 කි.

මේ වසරේ මේ දක්වා කාලය තුළ රුපියල් බිලියන 700 කට වැඩි මුදල් අලුතින් මුද්‍රණය කර ඇති බව ද එම දත්තවල සඳහන් ය.

මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයකු වන ආචාර්ය ඩබ්ලිව්.ඒ. විජේවර්ධන මහතා පෙන්වා දෙන්නේ, මේ වනවිට ශ්‍රී ලංකාවේ භාවිතයට ගතහැකි මහ බැංකුව සතු විදේශ සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 2.1 ක් දක්වා අඩුවී ඇති බවය.

මෙවන් වතාවරණයක් තුළ ඉදිරි මාස කිහිපය තුළ මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අපේක්ෂා කරන මුදල් ප්‍රවාහයන් නොපැමිණියහොත් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් අවප්‍රමාණය වනු ඇති බවට ඔහු අනතුරු ඇඟවීමක් ද කර තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad