ගම්පහ කලගෙඩිහේන ප්‍රදේශයේදී පැවැති ජාතික ජන බලවේගයේ සමුළුවට පැමිණි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා ඉලක්ක කර බිත්තර ප්‍රහාරයක් එල්ල කළේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පිරිස් යයි තමන් විශ්වාස කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා සඳහන් කරයි.
ජනතා විමුක්ති පෙරමුණ හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය අතර විශ්විද්‍යාල ක්ෂේත්‍රය තුළ ද ගැටුම් පවතින බවද හෙතෙම පැවසීය.
මෙම මෙම සමුළුව පවත්වා ඇත්තේ පෙරටුගාමී පක්ෂයට බලය වැඩි ප්‍රදේශයක බවත් ඒ හේතුවෙන් මෙම සමුළුව අතරතුර දී බිත්තර ප්‍රහාරයක් එල්ල වූවා විය හැකි බවද හෙතෙම සඳහන් කළේය.
මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

No comments:
Post a Comment