මහින්ද, ගෝඨා ගෙදර යැව්වට පස්සේ මල් පිපී, ගොයම් පැසී, රටට කිරි ඉතිරුණාද? විමලවීර අරගලකරුවන්ගෙන් අසයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, July 25, 2022

මහින්ද, ගෝඨා ගෙදර යැව්වට පස්සේ මල් පිපී, ගොයම් පැසී, රටට කිරි ඉතිරුණාද? විමලවීර අරගලකරුවන්ගෙන් අසයි!

මහ මැතිවරණයක් හරහා පාර්ලිමේන්තුවට නියෝජිතයන් පත් කරගෙන මාස තුන හතරක් ගතවන විට ජනමතය හා පාර්ලිමේන්තුවේ සංයුතිය අතර නොගැලපීමක් ඇතිවීම අලුත් තත්වයක් නොව එය ඉතිහාසය පුරා පැවති තත්වයක් බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා පවසනවා.

එනිසා වත්මන් පාර්ලිමේන්තුවේ සංයුතිය හා පිටත සමාජයේ පවතින ජනමතය අතර බරපතල වෙනසක් පැවතීම එතරම් ගණන් ගතයුතු තත්වයක් නොවන බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

69 ලක්ෂයක ජනවරමක් සහිතව බලයට පත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතාත්, තුනෙන් දෙකකට ආසන්න බලයක් සහිතව අගමැති තනතුරට පත් වූ මහින්ද රාජපක්ෂ මහතාත් ගෙදර යැවීමෙන් රට සුරපුරයක් වනු ඇතැයි මහපාරට බැස අරගල කළ පුද්ගලයන් බලාපොරොත්තු වූයේ නම් මේ වනවිට මල් පිපී, ගොයම් පැසී, රටට කිරි ඉතිරීම් ආරම්භ වී තිබිය යුතු බවද මන්ත්‍රීවරයා සඳහන් කරනවා.

අරගලයේ ප්‍රතිඵලයක් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 70 කට ආසන්න පිරිසකගේ, නිවාස, ව්‍යාපාරික ස්ථාන, කාර්යාල, වාහන ආදිය විනාශ වූ බවත් ඒ කිසිදු අපරාධයකට විරුද්ධව ශ්‍රී ලංකා නීතිඥ සංගමය හෝ එවැනි වෙනත් සංවිධායක් ට්විටර් පණිවුඩයක් හෝ නිකුත් නොකළ බවයි විමලවීර දිසානායක මහතා පවසන්නේ. අද විටින් විට ට්විටර් පණිවුඩ නිකුත් කර ආණ්ඩුව විවේචනය කරන බටහිර රටවල්ද මහජන නියෝජිතයන්ගේ ගෙවල් ගිනි ගන්නා අවස්ථාවේදී නිහඬව සිටි බවද ඔහු පවසනවා.


No comments:

Post a Comment

Post Bottom Ad