අගෝස්තු මස මැද සිට යළි තෙල් නැතිවෙන හැඩක්? මහ බැංකු අධිපති අනතුරු අඟවයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, July 26, 2022

අගෝස්තු මස මැද සිට යළි තෙල් නැතිවෙන හැඩක්? මහ බැංකු අධිපති අනතුරු අඟවයි!

අගෝස්තු මාසයේ මැද පමණ සිට ලංකාවට ඉන්ධන මිලදී ගැනීම අවිනිශ්චිත තත්ත්වයක පවතින බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

ඔහු කියා සිටින්නේ අගෝස්තු මාසයෙ මැද පමණ වන තෙක් දැනට මුදල් ගෙවා ඇති නැව් වලින් ඉන්ධන පිරිමසා ගත හැකි වනු ඇති බවටයි.

එය එසේ නොවීමට නම් ඉන්දියාවෙන් හෝ චීනයෙන් ආධාර ලැබිය යුතු බවයි ඔහු සඳහන් කරන්නේ.

‘තෙල් සම්බන්ධයෙන් ඇත්ත වශයෙන්ම බැලුවොත් මාසෙකට වාහනවලට විතරක් විදුලියට නැතුව ඩොලර් මිලියන 350 – 400ක් වත් අවශ්‍ය වෙනවා. විදුලියටත් සමග 550ක් වගේ තමයි අවශ්‍ය වෙන්නෙ. එතකොට ඒ සඳහා ඩොලර් මිලියන 500ක් හොයාගන්න ( අපේ සංචිත තියෙන්නෙ ඉතාම අඩු මට්ටමක නිසා ) තියෙන එකම ක්‍රමය තමයි ඉන්දියාව හරි චීනය හරි කවුරුහරි දෙන්න ඕනෙ, එහෙම දුන්නොත් මේක ඉතා පහසුවෙන් විසඳන්න පුළුවන්.

ඒ වුණත් දැන් ඒ තත්වය අවිනිශ්චිතයි අපට එහෙම ලැබෙනවාද නැද්ද කියන එක. අපි ඉල්ලීමක් කරලා තියෙනවා, තවම ලැබෙනවාද කියලා ස්ථාවරත්වයක් නෑ.

එතකොට එහෙම වුණාම නරකම තත්වය අපි හිතමු අපට මොකුත් හම්බවුණේ නෑ කියලා, එහෙම හම්බුණේ නැත්නම් අපට තියෙන සංචිත අපි පාවිච්චි කරලා ඉවරයි, ලබන මාසෙ මැද විතර වෙනකල් මේ දීපු සල්ලිවලින් තෙල් ටික එයි. එතකොට එතනින් එහාට කොහොමද ලබන මාසෙට තෙල් හොයාගන්නෙ කියන එක අවිනිශ්චිතයි’


No comments:

Post a Comment

Post Bottom Ad