ප්‍රසිද්ධ භික්ෂුවක් ප්‍රියමාලිට කෝටි 05ක් දීලා… පැමිණිල්ලක්වත් කරගන්න බැරි තරමට භික්ෂුව අසරණ වෙලා!… - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, October 16, 2022

ප්‍රසිද්ධ භික්ෂුවක් ප්‍රියමාලිට කෝටි 05ක් දීලා… පැමිණිල්ලක්වත් කරගන්න බැරි තරමට භික්ෂුව අසරණ වෙලා!…

රටේ දේශපාලනය තුළ නිරන්තරයෙන් ආන්දෝලනාත්මක වන, පසුගිය රජය සමයේ විශේෂ නිලතල පවා ලද ආගම ජාතිය වෙනුවෙන් දිව හිමියෙන් කැප වී සිටිනා බව කියන ප්‍රධාන  පෙළේ භික්ෂු චරිතයක්ද කෝටි ගණනක මූල්‍ය වංචාවක් සිදු කළ බවට චෝදනා ලද තිලිණි ප්‍රියමාලි නැමැති කාන්තාවගේ ආයෝජන උගුලට හසුව ඇති බව අනාවරණය වී ඇත.

මෙම ප්‍රසිද්ධ භික්ෂූන් වහන්සේ මෙම කාන්තාව වෙත රුපියල් කෝටි පහකට ආසන්න මුදලක් ලබා දී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇතත් මේ භික්ෂුව මෙතෙක් ඒ පිළිබඳව පැමිණිලි නොකිරීම හේතුවෙන්   විශේෂ විමර්ශනයක් මෙතෙක් සිදුව නොමැති බව සඳහන් වේ.

මෙම භික්ෂූන් වහන්සේ සමඟ මෙම කාන්තාව යම් හිතවත්කමක් ගොඩ නගාගෙන සිට ඇති අතර  තිලිණි ඇය 2019 වසරේ අග භාගයේදී ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ බටහිර කුළුනේ සිය කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට මෙම භික්ෂූන් වහන්සේද වැඩම කරවා අත.

එහිදී උන් වහන්සේ වෙත වටිනා  ඇපල් අයිෆෝන්  ජංගම දුරකථනයක් තිළිණි විසින් පූජා කරනු ලැබ ඇත.

මේ හරහා හිතවත්කම් වර්ධනය කර ගත් මෙම කාන්තාව වැඩි ප්‍රතිලාභ දෙන ආයෝජන සඳහා අවස්ථාව ලබා දිය හැකි බවත් මෙම ආයෝජනය කරන මුදල් වෙනුවට ඇපයට රන් පොලු ලබා දිය හැකි බවත් ප්‍රකාශ කර ඇත.

ඒ අනුව උන් වහන්සේ තිළිණි ගේ සමාගමෙහි රුපියල් කෝටි පහකට ආසන්න මුදලක් තැන්පත් කර ඇති බව අනාවරණය වන අතර ඒ වෙනුවට රන් ආලේප කළ ව්‍යාජ රන් පොලු කිහියක් ලබා දී ඇති බව සඳහන් වේ.

එමෙන්ම ඇය විසින් ආයෝජකයන් රැවටීමට ලක් කිරීම සඳහා  භාවිත කරන ව්‍යාජ රන් පොලු (රන් ආලේපිත පිත්තල පොලු )   ආරක්ෂාවට යයි කියා කඩවත ප්‍රදේශයේ වෙසෙන තවත් භික්ෂුවකගේ ආරාමයෙහි තැන්පත් කර ඇති අතර විවිධ ආයෝජකයන් එහි රැගෙන ගොස් එම රන් පොලු පෙන්වා විශ්වාසය ගොඩ නගා ගැනීමටද ඇය සූක්ෂම ලෙස ක්‍රියා කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad