ගෙවල් ගිනි ගත්ත මන්ත්‍රීවරුන් 74කට අද රනිල් එන්න කියයි! රැස්වීම උණුසුම් වෙයිද? කට්ටිය සන්සුන් වෙයිද? - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, October 11, 2022

ගෙවල් ගිනි ගත්ත මන්ත්‍රීවරුන් 74කට අද රනිල් එන්න කියයි! රැස්වීම උණුසුම් වෙයිද? කට්ටිය සන්සුන් වෙයිද?

ඉකුත් ජුලි මාසයේ ඇතිවූ කලබල හේතුවෙන් ගෙවල් ගිනි ගැනීම් සිදුවූ මන්ත්‍රීවරුන් 74 දෙනා හට හෙට පස්වරුවේ සාකච්ජාවක් ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කොට ඇත. 
අද සවස 4ට මෙම රැස්වීම පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් තවමත් මෙම නිවාස ගිනිබත් වූ මන්ත්‍රීවරුන් හට නිසි වන්දි මුදලක් ලබා දී නොතිබීම හේතුවෙන් සහ ඊට සම්බන්ධ වගකිවයුත්තන්ට දඩුවම් ලබා දීමට කටයුතු ‌කොට නොතිබීම හේතුවෙන් මෙම රැස්වීමට සහභාගී වන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් මෙම මන්ත්‍රීවරුන් අතර මේ වනවිට සංවාදයක් මතුව ඇති බව දැනගන්නට ඇත.

ඒ සම්බන්ධයෙන් අවසන් තීන්දුව හෙට පෙරවරුවේ ගැනීමට නියමිතව ඇති බව දැනගන්නට තිබේ.

යම් හෙයකින් එම රැස්වීමට සහභාගී වීමට තීරණය කළහොත් එහිදී අදාළ කටයුතු සම්බන්ධයෙන් සිය දැඩි විරෝධය පළ කිරීමට දැනටමත් මන්ත්‍රීවරුන් රැසක් තීන්දු කර ඇති බවද වාර්තා වේ.


No comments:

Post a Comment

Post Bottom Ad