ණය පැහැර හරින්නට මට උපදෙස් දුන්නේ ලෝක පූජිත උපදේශකයින් – අලි සබ්‍රි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, October 11, 2022

ණය පැහැර හරින්නට මට උපදෙස් දුන්නේ ලෝක පූජිත උපදේශකයින් – අලි සබ්‍රි

ශ්‍රී ලංකාවේ ණය පැහැර හරින්නට යයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහ මුදල් ඇමැති අලි සබ්රි වන තමාට උපදෙස් ලබා දුන්නේ “ලෝක පූජිත උපදේශකවරුන්” වන ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, ශාන්ත දේවරාජන් සහ නව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යන අය බව විදේශ ඇමැති මොහොමඩ් අලි සබ්රි මහතා ප්‍රකාශ කර තිබේ. 
තවද, ණය පැහැර හැරීම වෙනුවෙන් තමා සම්පූර්ණ වගකීම භාර ගන්නා බව ද අලි සබ්රි මහතා පවසා ඇත.

අමාත්‍ය අලි සබ්‍රි මහතා මේ බව ප්‍රකාශ කර ඇත්තේ හිරු රූපවාහිනී නාලිකාවෙහි දේශපාලන සංවාදයකට එක්වෙමිනි.

මෙහිදී විචාරකයන් පෙන්වා දෙන්නේ මුදල් මණ්ඩලයේ ද, නීතිපතිවරයාගේ ද, කැබිනට් මණ්ඩලයේ ද, පාර්ලිමේන්තුවේ ද, පූර්ව අනුමැතියක් නොමැතිව මෙම ණය පැහැර හැරීම එවකට මුදල් ඇමති සබ්රි විසින් කර තිබේ නම්, එය අතිශයෙන් නීති විරෝධී, වගකීම් රහිත සහ දේශද්‍රෝහී ක්‍රියාවක් බවය.

විචාරකයන් තවදුරටත් පෙන්වා දෙන්නේ, මෙම ණය පැහැර හැරීමේ තීරණයට හවුල් වූ හතර දෙනාම විදේශ පුරවැසියන් බවය. ගෝඨාභය රාජපක්ෂ (ඇමරිකානු පුරවැසියෙක්): ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි (බ්‍රිතාන්‍ය පුරවැසියෙක්): ශාන්ත දේවරාජන් (ඇමරිකන් පුරවැසියෙක්) නන්දලාල් වීරසිංහ (ඔස්ට්‍රේලියානු පුරවැසියෙක්).

මේ අනුව, විදේශිකයන් හතර දෙනෙකුට ශ්‍රී ලංකාව සම්පූර්ණ අගාධයට පත් කරන ලද මෙවැනි තීන්දුවක් කෙසේ ගන්නා ලද්දේ යැයි සොයා බැලිය යුතු යැයි ද, ඔවුන් හතර දෙනා සහ සබ්රි ඇමති ක්‍රියාත්මක කරන ලද්දේ වෙනත් විදේශීය බලවේගයක අවශ්‍යතාවයක්ද යන්න පරීක්ෂා කළ යුතු බව යැයිද එම විචාරකයන් වැඩිදුරටත් පෙන්වා දෙති.


No comments:

Post a Comment

Post Bottom Ad