බලහත්කාරයෙන් ආණ්ඩු ගන්න ඉඩ දෙන්න බෑ…මම ජනාධිපති පුටුවේ හිටියා නම් කරන වැඩේ දන්නවා - කෙහෙළිය - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, October 16, 2022

බලහත්කාරයෙන් ආණ්ඩු ගන්න ඉඩ දෙන්න බෑ…මම ජනාධිපති පුටුවේ හිටියා නම් කරන වැඩේ දන්නවා - කෙහෙළිය

කිසිවෙකුටත් බලහත්කාරයෙන් ආණ්ඩු ලබා ගැනීමට ඉඩදිය නොහැකි බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.

“එක්ව නැගිටිමු ” යන මැයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කරන ජන හමු මාලාවේ දෙවන අදියර සඳහා ඊයේ (16) පෙරවරුවේ නාවලපිටිදීයේ දී එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

“ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට මේ රටේ සාමාන්‍ය ජනතාව එක්රොක් වුණා. ඒ වගේම වියතුන් ටිකකුත් එකතු වුණා. අවුරුදු 65ක දේශපාලන ඡන්දයෙන් ලබාගන්න බැරි වෙච්ච දේ නුගේගොඩ මැයි දිනයේ දී බොහෝම පැහැදිලිව අනුර කුමාර දිසානායක නායකයා විදියට ප්‍රකාශ කළා.

ව්‍යවස්ථාව වීසි කරමු. ඕවා ලියකියවිලි විතරයි. එයින් පරිබාහිරව අපි මහපාරේ මේ ගනුදෙනුව බේරගමු කියලා එදා තමා ප්‍රතිඥාව දුන්නේ. ඒ ප්‍රතිඥාව තමා ක්‍රියාත්මක වුණේ. අදත් මම ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට පුද්ගලයෙක් හැටියට ආදරෙයි.

හැබැයි මම පිළිගන්නේ නෑ. එදා පැමිණි අභියෝගය එතුමාට භාරගන්න බැරිවුණ එක ගැන මම අදත් කනගාටුයි. එතැන මම හිටියා නම් ඔයිට වඩා වෙනස් විදියට වැඩ කරන්නේ. මහින්දානන්ද හිටියා නම් ඊටත් එහා. මේක අපි කාටත් පූර්වාදර්ශයක්. බලහත්කාරයෙන් ආණ්ඩු ගන්න දෙන්න බෑ.”


No comments:

Post a Comment

Post Bottom Ad