රටේ අපිට විරුද්ධ කවුරු හිටියත් අද වුණත් මහ මැතිවරණයක් තිබ්බොත් අපි දිනනවා! - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, October 16, 2022

රටේ අපිට විරුද්ධ කවුරු හිටියත් අද වුණත් මහ මැතිවරණයක් තිබ්බොත් අපි දිනනවා!

දේශපාලන වශයෙන් බෙදී වෙන් නොවී සියලු දෙනාම එක්ව කටයුතු කරන්නේ නම් අද අපේ රට තිබෙන තැනින් පියවරක් හෝ ඉදිරියට යාහැකි බව හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ඊයේ (16) නාවලපිටියේ පැවැත්වූ ජනහමුව අමතමින් සදහන් කරයි. 
එහිදී අදහස් දැක්වු හිටපු අගමැති මහින්ද රාජපක්ෂ සදහන් කළේ,

“අපිටත් වැරදුන තැන් තියෙනවා. අපි ඒක පිළිගන්නවා අවංකවම. හැබැයි අපිට වැරදුනා කියලා උඩපැනපු කවුරුත් ඉතිහාසයේ වැරදි නොකරපු අය නෙමෙයි. වැරැද්දක් වුණාම ඒක නිවැරදි කරගන්න අවස්ථාවක් තියෙනවා. පොදු එකඟතාවයකට එන්න කිව්වහම ඒක මඟහරිනවා.

සමහරු ඉන්නවා අපිට දෝෂාරෝපණය කරන එක විතරයි කරන්නේ. ඒ අයට වගකීම් බෑ. ඔවුන් කැමති රට කරන්න නෙමෙයි. රට ගිනි තියන්න. ඒ නිසා ජනතාව උසිගන්වන අයගෙන් පරිස්සම් වෙන්න. අද අපි එද්දි පෙළපාලියක් තිබුණා. මම එන්න විනාඩි ගාණකට පෙරදී විසුරුවා හැරලා. මොකද්ද ඒකේ තේරුම. මොකද්ද බලාපොරොත්තු වෙන්නේ. අපි දන්නවා මේ රටේ කොටසක් ඉන්නවා අපිට විරුද්ධව.

අද වුණත් මහ මැතිවරණයක් තිබ්බොත් අපි ජයග්‍රහණය කරනවා. ඒක තමා ඇත්ත. අද අපි රට වටේ යනවා. මේ තත්ත්වය ඉතාම පැහැදිලිව අපිට පේනවා. අපි එක්ව නැඟිටිමු කියන යෝජනාව මුළු රටටම ඇහෙන්න කියනවා.”



No comments:

Post a Comment

Post Bottom Ad