ලොක්කෙකුගේ අස්වීමක් ඉහල දේශපාලන අතකින් නවත්වයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, October 24, 2022

ලොක්කෙකුගේ අස්වීමක් ඉහල දේශපාලන අතකින් නවත්වයි!

කුරුණෑගල නගර සභාවේ නගරාධිපති තුෂාර සංජීව මහතා මාධ්‍ය හමුනත් පවත්වා එම ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් වුවද එය හදිසියේම එය නතර වී ඇත.

ආරංචි මාර්ග වාර්තා කරන්නේ ඉහල දේශපාලන මැදිහත්වීමකින් මෙම ඉල්ලා අස්වීම තාවකාලිකව කල් දමා ඇති බවයි. 
කුරුණෑගල මහ නගර සභාවේ සිදුවී ඇති බවට චෝදනා එල්ල වන කෝටි ගණනක වංචා දූෂණ සම්බන්ධයෙන් මේ වන විට උසස් නිලධාරීන් දෙදෙනෙකුට ස්ථානමාරුවීම් ලබාදී තිබේ. තවත් උසස් නිලධාරියෙකු ස්ථාන මාරුවක් ලැබීමට නියමිතය.

මෙම මූල්‍ය වංචා හා අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට වයඹ පලාත් ආන්ඩුකාරවරයා තීරණය කර තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad