ජන දුක නිවන්න මහ එවුන්ගේ රට තියෙන ඩොලර් ගේන්න ඕන – වාසු - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, October 24, 2022

ජන දුක නිවන්න මහ එවුන්ගේ රට තියෙන ඩොලර් ගේන්න ඕන – වාසු

මෙවර අයවැයෙහි ‘හාම්පුතා’ වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වන බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණෙහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කළේය. 
එසේම එම අරමුදලෙහි උපදෙස් මේ වනවිටද රට තුළ ක්‍රියාත්මක කෙරෙන බව කී ඒ මහතා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙනුවෙන් අදාළ උපදෙස් ක්‍රියාත්මක කිරීමට පාලකයන් යොමුව සිටින බවද පැවසීය.

කොළඹදී ඊයේ (24) පැවැති මාධ්‍ය හමුවකදී මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් නානායක්කාර මහතා පෙන්වා දුන්නේ ජනතාවගේ ජීවන ප්‍රශ්න සඳහා විසඳුම් ලබාදීමට නම් විදේශවල පවතින ශ්‍රී ලංකාවට අයත් ඩොලර් රට තුළට රැගෙන ආ යුතු වන බවයි.

කෙසේ වුවද පාලකයින් එය සිදු නොකරන බවත් ඔවුන්ගේ ‘මහ එවුන්’ සතුව අදාළ හිමිකම් පැවතීම ඊට හේතු වී ඇති බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.


No comments:

Post a Comment

Post Bottom Ad