RMV පරිගණක පද්ධතියෙන් රිංගා සුඛෝපභෝගී වාහන 14ක් මුදා හැරලා – රජයට පාඩුව කෝටි 50ක්! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, October 14, 2022

RMV පරිගණක පද්ධතියෙන් රිංගා සුඛෝපභෝගී වාහන 14ක් මුදා හැරලා – රජයට පාඩුව කෝටි 50ක්!

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට සාවද්‍ය ලෙස දත්ත ඇතුලත් කරමින් සුඛෝපභෝගි ජීප් රථ 11ක් ඇතුළු වාහන 14ක් නීත්‍යානුකූල වාහන ලෙස මෙරට භාවිතය සඳහා මුදා හැරීම නිසා එම මෝටර් රථ සදහා නිෂ්පාදන හා සුඛෝපභෝගි බදු මෙන්ම අනිකුත් රජයේ අය කිරිම් ලෙස අයවිය යුතු රුපියල් හතලිස්නම කෝටි අනුපන්ලක්ෂ  හැටනමදහස් තුන්සියයක (499,569,300) ආදායමක් රජයට අහිමි වී ඇති බැව් ජාතික විගණන කාර්යාලය පවසනවා. 
රේගු බදු නොගෙවා නීති විරෝධි ලෙස මෙරටට ආනයනය කළ හෝ මෙරටදි නීති විරෝධි ලෙස එකලස්කළ හෝ වාහන 14ක දත්ත මෝටර් රථ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට සාවද්‍ය ලෙස ඇතුලත් කොට ඇති බවද විගණනය මගින් අනාවරණය කොට තිබෙනවා.

පරිගණක පද්ධතියට සාවද්‍ය ලෙස නව ලියාපදිංචි දත්ත ඇතුලත් කොට ඇති අතර කිසිදු ලියාපදිංචි ගාස්තුවක් අයකර නොතිබු බව වාර්තා වෙනවා.

මේ නිසා රජයට අහිමි වී ඇති ලියාපදිංචි ගාස්තු ආදායම රුපියල් 335,300ක්.

එමෙන්ම සුඛෝපභෝගි ජිප්රථ වලින් රජයට අහිමි වී ඇති සුඛෝපභෝගි බදු ආදායම රුපියල් 37.50000ක්.

මේ සම්බන්දයෙන් නිසි විමර්ශනයක් සිදුකොට නීතිමය ක්‍රියාමාර්ග ගතයුතු බවට විගණනය මගින් නිර්දේශ කොට තිබෙනවා.

රේගු හා නිෂ්පාදන බදු අය කරනු ලබන්නේ රේගු දෙපාර්තමේන්තුව විසින්  අදාළ නිශ්කාශන බදු ගෙවිමෙන් පසුව data link කිරිමට කටයුතු කරන අතර එම data link වී ඇති රථ පමණක්  ලියාපදිංචිය සිදුකරන බව මෝටර් රථ දෙපාර්තමේන්තුව විසින් විගණනයට සදහන් කොට තිබෙනවා.

එමෙන්ම වාහන 14ක් අතුරින් වාහන 06ක් සදහා බදුගෙවා ඇති බවත්  ඉතිරි වාහන සදහා බදු අයකර ගැනිමට කටයුතු කරන බව ද මෝටර් රථ දෙපාර්තමේන්තුව විසින්  විගණනයට සදහන් කොට තිබෙනවා.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සම්බන්දයෙන් 2021 වර්ෂයට අදාලව නිකුත්කොට ඇති වාර්ෂික විගණන වාර්තවේ මෙම තොරතුරු සදහන් වෙනවා.

ලලිත් චාමින්ද


No comments:

Post a Comment

Post Bottom Ad