අපි හතර කේන්දරේ පාළු දේශපාලන හිඟන්නෝ නෙමෙයි... ලාල්ගේ දුවගේ ප්‍රයිවට් කැම්පස් අධ්‍යාපන අයිතිය ජවිපෙ පිළිගන්නවා – වසන්ත සමරසිංහ (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, October 14, 2022

අපි හතර කේන්දරේ පාළු දේශපාලන හිඟන්නෝ නෙමෙයි... ලාල්ගේ දුවගේ ප්‍රයිවට් කැම්පස් අධ්‍යාපන අයිතිය ජවිපෙ පිළිගන්නවා – වසන්ත සමරසිංහ (VIDEO)

කේ.ඩී. ලාල්කාන්තගේ දරුවාට පෞද්ගලික විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලැබීමට අයිතිය දේශපාලන ව්‍යාපාරයක් ලෙස ජනතා විමුක්ති පෙරමුණ පිළිගන්නා බව ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ පවසයි.

රට තුළ නොමිලේ හෝ මුදලට අධ්‍යාපනය ලැබිය හැකි බවත් ලාල්කාන්තට එහි වියදම දැරිය හැකි නම් පක්ෂයට එය ගැටලුවක් නොවන බවත් හෙතෙම පෙන්වා දෙයි.

තම පක්ෂයේ සිටින්නේ හතර කේන්දරේ පාළු නිසා දේශපාලනය කරන අය නොව සිය පවුල් උරුමයෙන් ලද දේපළ ඇති පිරිසක් බව ද ඔහු අවධාරණය කරයි.

පක්ෂය සමග වැඩ කරන සහෝදරයින් බලා ගන්නා විදිහක් ඇති බවත් තමන්ගේ කොණ්ඩය නොමිලේ කපා දෙන්නේ පිටකෝට්ටේ රංජිත් සහෝදරයා බවත් වසන්ත සමරසිංහ කියයි.

සෙසු පක්ෂවල ඇත්තේ හොරු දූෂිතයින් වංචාකාරයින් නිසා එවැනි සංස්කෘතියක් එම පක්ෂවල නොමැති බවයි, වසන්ත සමරසිංහ වැඩි දුරටත් සඳහන් කළේ.


No comments:

Post a Comment

Post Bottom Ad