සාගරට අපල කාලය ලබයි... පොහොට්ටු මන්ත‍්‍රින් ගුටි බැට දෙන්න යයි... උස්සා පොලොවේ ගසන බව කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, October 24, 2022

සාගරට අපල කාලය ලබයි... පොහොට්ටු මන්ත‍්‍රින් ගුටි බැට දෙන්න යයි... උස්සා පොලොවේ ගසන බව කියයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතාට එම පක්ෂය තුළ එල්ලවන විරෝධය උත්සන්න වී තිබේ.

ආසන්න අවස්ථා දෙකක දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනකු විසින් ඔහුට පහර දීමට උත්සාහ කර තිබේ.

විසිදෙවන ආණ්ඩුක්‍රම විවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පැවති ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප්‍රසන්න රණවීර රාජ්‍ය අමාත්‍යවරයා ඔහුට පහර දීම සඳහා සූදානම් වී තිබේ.

පසුව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මැදිහත්වී තත්ත්වය සමනය කර ඇත.

විසි දෙවන ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ඡන්ද විමසීම පැවැත්වූ දින පෙරවරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින්ද ඔහුට දැඩි වාග් ප්‍රහාරයක් එල්ල කර තිබේ. ඔහු පවසා ඇත්තේ ලේකම් කියා නොබලා උස්සා පොළවේ ගසන බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad