ආණ්ඩුවට රජයේ සේවක පඩි ගෙවන්නවත් සල්ලි නෑ - ‌ගෙවපු හැටි මෙන්න - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, December 29, 2022

ආණ්ඩුවට රජයේ සේවක පඩි ගෙවන්නවත් සල්ලි නෑ - ‌ගෙවපු හැටි මෙන්න

ආණ්ඩුවට රජයේ සේවක පඩි ගෙවන්නවත් සල්ලි නෑ - ‌ගෙවපු හැටි මෙන්න

දෙසැම්බර් රජයේ සේවකයන්ට වැටුප් ගෙවා ගැනිමටත් නොහැකි තත්වයක් උදා වි ඇතැයි වාර්තා වෙයි.

මේ මාසයට රජයේ සේවක වැටුප් ගෙවීම සඳහා මුදල් ලබා ගෙන ඇත්තේ ගොවි ජනතාවට අලෙවි කරන ලද පොහොර වලින් ලබාගත් මුදල් වලින් යයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කර තිබේ.

එම අමාත්‍යංශයේ දී පැවැති විශේෂ සාකච්ඡාවකදී අමාත්‍ය අමරවීර මහතා මේ බව හෙළි කර ඇත්තේ රජයේ සේවකයන්ගේ මාසික වැටුප් ගෙවා ගැනීමට නොහැකි දුෂ්කර තත්වයකට රට පත්ව තිබෙන බව පැහැදිලි කරමිනි.

කෘෂිකර්ම උපදේශකවරුන් වෘත්තීය අරගල යෙදෙමින් ඇත්තේ තමන්ට ලැබෙන ඉන්ධන දීමනා ඇතුළු ඇතැම් සේවා දීමනා වැඩි කර දෙන ලෙස ඉල්ලමිනි.

ඒ සම්බන්ධයෙන් ඇමතිවරයා පවසා ඇත්තේ ආණ්ඩුව එවැනි දීමනා වැඩි කර දීමට මේ මොහොතේ හැකියාවක් නොමැති බවයි.

කෙසේ නමුත් ඊට අදාළ කැබිනට් පත්‍රිකාවක් තමා තමන් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවද කියා තිබේ.

සේවක දීමනා වැඩි කරනවා තබා රජයේ සේවක වැටුප් පවා ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයක පවතින බවත් මේ මාසයට රාජ්‍ය සේවක වැටුප් ගෙවීමට මුදල් භාණ්ඩාගාරයට ලබාුන්නේ ගොවීනට පොහොර අලෙවි කර උපයාගත් මුදල් බවත් හෙතෙම කියා ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad