එයාලා එදා මාතර ආවම නතර වෙන්න හොටෙල් එකක් තිබ්බෙ නැහැ.. මම බියර් එකක්වත් බොන්නෙ නැහැ...අමද්‍යප සංගම්වලටත් මම සම්බන්ධයි - බුද්ධික පතිරණ - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, December 28, 2022

එයාලා එදා මාතර ආවම නතර වෙන්න හොටෙල් එකක් තිබ්බෙ නැහැ.. මම බියර් එකක්වත් බොන්නෙ නැහැ...අමද්‍යප සංගම්වලටත් මම සම්බන්ධයි - බුද්ධික පතිරණ

තමන් බියර් එකක් හෝ පානය කරන්නෙකු නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා කියා සිටිනවා.

තමා සහ ආදර්ශා කරඳනව සම්බන්ධ කරගනිමින් හුවමාරු වෙන හඬ පටය පිළිබඳව අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කරනවා. 
සමාධි පදනම හා සාකච්චාවක් වෙනුවෙන් ඇය රාජ්‍ය නොවන සංවිධානයක් නියෝජනය කරමින් එදින මාතරට පැමිණි බවත් ඔවුනට නවාතැන් ගන්නට ස්ථානයක් නොමැති වීම නිසාවෙන් මෙලෙස හෝටලයක නවාතැන් ගත් බවත් ,සමාධි පදනමෙන් එම පිරිසගේ නවාතැන් සහ ආහාර සඳහා පමණක් මුදල් ගෙවූ බවයි මන්ත්‍රීවරයා කියා සිටින්නේ.

ඇයත් සමඟ තවත් එක් අයෙකු හෝ දෙදනෙකු සිට තිබෙනවා.

තමන්ගේ විවාහයද මතින් තොරව පැවැත්වූ බව සිහි කරන පතිරණ මහතා කියා සිටින්නේ වසර හතරක් පමණ පැරණි මෙම හඬ පටයෙන් පසුවද තමන් අමද්‍යප සංගම් කිහිපයක් සමඟ සමිපව වැඩ කටයුතු කළ බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad