විදුලි බලමණ්ඩලය රටටත් ලෝකයාටත් ණය වුණ ප්‍රමාණය ගැන හෙළිදරවුවක්! - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, January 14, 2023

විදුලි බලමණ්ඩලය රටටත් ලෝකයාටත් ණය වුණ ප්‍රමාණය ගැන හෙළිදරවුවක්!

රුපියල් කෝටි 4,408ක මුදලක් විදුලිබල මණ්ඩලය පසුගිය (2021 දෙසැම්බර් 31 වැනි දිනට) විවිධ පාර්ශ්වවලට ණය වී ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසනවා. 
එම හිඟ මුදලින් සාමාන්‍ය සහ තොග සැපයුම්වලට අදාළව රුපියල් කෝටි 684ක ණය ශේෂයක් වසරකට වැඩි කාලයක් තිස්සේ අයවිය යුතුව ඇති බවත් එයින් රුපියල් කෝටි 293ක් වසර පහකට වැඩි කාලයක සිට අයනොවී පවතින බවත්එම විගණන වාර්තාවේ දක්වා තිබෙනවා.

එසේම විදුලිබල මණ්ඩලය අතිරේක විදුලි බලයක් ලෙස 2021 වර්ෂයේදී රුපියල් කෝටි 654ක් වටිනා ගිගාවොට් පැය 267.17ක් මිලට ගෙන ඇති බවද දීර්ඝකාලීන විදුලි ජනන පුළුල් කිරීමේ 2018-2037 සැලැස්මට අනුව පසුගිය සිවු වසර තුළ මෙගාවොට් 2,032ක නව ධාරිතාවක් එකතු කිරීමට සැලසුම් කර තිබුණු පසුබිමක මෙගාවොට් 661.6ක ධාරිතාවක් පමණක් ක්‍රියාත්මක කිරීම මෙයට හේතුව බවද එහි දක්වා තිබේ.

හදිසි විදුලිබලාගාර භාවිත කිරීම වෙනුවට උපරිම ඉල්ලුම සපුරාලීම සඳහා අවම පිරිවැය දීර්ඝකාලීන විදුලි ජනන පුළුල් කිරීමේ සැලසුම ක්‍රියාත්මක කළේ නම් බලශක්ති මිලදී ගැනීමට අධික පිරිවැයක් වැය නොවන බවත් එහි සඳහන් කර තිබෙනවා.

මෙම සැලැස්ම ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සැලකිය යුතු ලෙස අඩුවී තිබුණු බවත් අඩු පිරිවැයකින් විදුලි බලය සැපයීමේ අරමුණ ඉටුවී නොමැති බවත් එහි වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා


No comments:

Post a Comment

Post Bottom Ad