ඡන්දෙට පොලිසිය යොදවන්න මුදල් නෑ - පොලිස්පති මැතිවරණ කොමිසමට දන්වයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, January 14, 2023

ඡන්දෙට පොලිසිය යොදවන්න මුදල් නෑ - පොලිස්පති මැතිවරණ කොමිසමට දන්වයි

පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය මැතිවරණ රාජකාරි වෙනුවෙන් පොලිස් නිලධාරීන් යෙදවීමේ ගැටලුකාරී තත්ත්වයක් මතුව තිබේ.

පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා විසින් මැතිවරණ කොමිසම වෙත දැනුම් දී ඇත්තේ පසුගිය මහ මැතිවරණයේදී පොලිස් නිලධාරීන් රාජකාරි විවිධ වීම වෙනුවෙන් ගෙවිය යුතු මුදල් තවමත් ගෙවා නැති බවයි.

ඒ හේතුවෙන් පළාත් පාලන මැතිවරණයට පොලිස් නිලධාරීන්ට රාජකාරි කටයුතු යෙදවීමේ ගැටලුවක් ඇති බවද පොලිස්පති වරයා දැනුම් දී ඇත.

මහමැතිවරණය රාජකාරි වෙනුවෙන් පොලිසියට හිමි මුදල් මේ දක්වා ලැබී නොමැති නිසා පොලිස් දෙපාර්තමේන්තුව මුල්‍යමය ගැටළුවකට මැදිව සිටින පොලිස්පතිවරයා මැතිවරණ කොමිසමට දන්වා දන්වා ඇති අතර ඔහු ඉල්ලා ඇත්තේ පළාත් පාලන මැතිවරණ රාජකාරි ආරම්භ කිරිමට ප්‍රථම පසුගිය මහ මැතිවරණයේදී ගෙවිය යුතු හිග මුදල් ප්‍රතිපුර්ණය කරන ලෙසයි.

මෙය බිම් මට්ටමේ මැතිවරණයක් බැවින් විවිධ කණ්ඩායම් අතර ගැටුම් ඇති වූවොත් ඒ සඳහා විශේෂ කාර්ය බලකාය කැදිවීමට සිදු වනු ඇති බවත් ඉන්ද පාලනය කරගත නොහැකි වුවහොත් හමුදාව පවා කැඳවිය යුතු බවත් පොලිස්පත්වරයා පෙන්වා දී තිබේ.

ඊට අමතරව මැතිවරණයේදී පොලිසියට පැවරෙන නීති විරෝධී දැන්වීම් කටවුට් බැනර් ඉවත් කිරීමේ රාජකාරිය කුලී කම්කරැවන් මගින් සිදුකරන බවත් ඔවුන් සඳහා ගෙවීම් පොලිසියෙන් පළමුව සිදුකර පසුව මැතිවරණ කොමිසමෙන් ලබාගන්නා බවත් පවසා ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad