‘රෙජිනෝල්ඩ් මිය ගියේ ගෙවිදු සමග බැනගෙනයි..’ - බිරිද මරණ පරීක්‍ෂණක් ඉල්ලයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, January 14, 2023

‘රෙජිනෝල්ඩ් මිය ගියේ ගෙවිදු සමග බැනගෙනයි..’ - බිරිද මරණ පරීක්‍ෂණක් ඉල්ලයි

වාද්දුවේ හෝටලයක පැවති දේශපාලන රැස්වීමක් අතරතුර හදිසි හෘදයාබාධයකට ලක්වී මියගිය හිටපු අමාත්‍යවරයෙකු වන රෙජිනෝල්ඩ් කුරේ මහතාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කරන්නැයි ඒ මහතාගේ බිරිඳ ඉල්ලා තිබේ.

කළුතර මහ රෝහලේ හදිසි මරණ පරීක්ෂක වරයා විසින් ඊයේ දහවල් සිදු කළ හදිසි මරණ පරීක්ෂණයේදී ඇය එසේ ඉල්ලා සිටියාය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා ඇතුළු සිවු දෙනෙකු සමඟ සිදු වූ උණුසුම් වචන හුවමාරුවකින් පසු රෙජිනෝල්ඩ් කුරේ මහතා අසනීප වූ බව කුරේ මහතාගේ පෞද්ගලික ලේකම්වරයා මරණ පරීක්ෂණයේදී සාක්ෂි දෙමින් කියා සිටියේය.

මෙසේ වචන හුවමාරුවක් සිදුව ඇත්තේ එම දිස්ත්‍රික්කයේ අපේක්ෂක ලැයිස්තු සැකසීම සම්බන්ධයෙන් වූ සාකච්ඡාවකදීය.


No comments:

Post a Comment

Post Bottom Ad