සම්භාහන මධ්‍යස්ථානයක් තුළදී පුද්ගලයෙක් මියයයි - විගස පුවත් - Vigasapuwath

Wednesday, April 12, 2023

සම්භාහන මධ්‍යස්ථානයක් තුළදී පුද්ගලයෙක් මියයයි

කඳාන ප්‍රදේශයේ සම්භාහන මධ්‍යස්ථානයක් තුළදී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. කඳාන නාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම පුද්ගලයා ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සම්භාහන මධ්‍යස්ථානය වෙත පැමිණ ඇති බව පොලිසිය පවසයි.
පසුව අද (12) අලුයම් කාලයේදී එම පුද්ගලයා එහිදී ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 42ක පමණ විවාහක පුද්ගලයෙකු බවට මේ වනවිට තොරතුරු අනාවරණය වී තිබේ.
හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මියයන්නට ඇති බවට පොලිසිය සැකපළ කරයි.
කඳාන පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad






Contact Form

Name

Email *

Message *