ගොඩහේවාගේ බිලියන තුනේ ව්‍යාපෘතිය ජනපති අනින් අත්හිටුවයි! - විගස පුවත් - Vigasapuwath

Tuesday, April 11, 2023

ගොඩහේවාගේ බිලියන තුනේ ව්‍යාපෘතිය ජනපති අනින් අත්හිටුවයි!

කොළඹ ‘‘බර්ඩ් පාර්ක්’’ (Bird Park) ව්‍යාපෘතිය අවලංගු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නාගරික සංවර්ධන අධිකාරියට දැනුම් දී තිබේ. එම ව්‍යාපෘතිය සඳහා මුදල් ගෙවා ඇත්නම් යළි ලබා ගන්නා ලෙසත්, ඉඩම නැවත නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගන්නා ලෙසත් ජනාධිපතිවරයා දැනුම් දී ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි.

2021 වසරේ ජූලි මාසයේදී මාදිවෙල ප්‍රදේශයේදී මෙම ව්‍යාපෘතිය ආරම්භ කළේ වසර දෙකකදී එය අවසන් කිරීමේ අරමුණිනි.

මේ සඳහා නාගරික සංවර්ධන අධිකාරියට අයත් අක්කර 37යි රූඩ් 01යි පර්චස් 20.44ක විශාලත්වයක ඉඩමක් වසර 30ක බදු පදනම යටතේ කලම්බු බර්ඩ් පාර්ක් (පෞද්ගලික) සමාගම වෙත ලබාදී තිබේ.

මෙම ව්‍යාපෘතියද නාගරික සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කළ අතර ඊට ඇස්තමේන්තුගත මුදල රුපියල් බිලියන තුනකි.

රාජ්‍ය අමාත්‍යවරයකු ලෙස සිටි නාලක ගොඩහේවා මහතා විසින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කර තිබිණි.


No comments:

Post a Comment

Post Bottom Ad






Contact Form

Name

Email *

Message *