ගජේන්ද්‍රකුමාර් සාමකාමීයී.. ඔහුට ඉන්නේ රියදුරා විතරයි.. එයා පොලිසි යන්නයි හිටියේ - සජිත්, කිරිඇල්ල - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, June 7, 2023

ගජේන්ද්‍රකුමාර් සාමකාමීයී.. ඔහුට ඉන්නේ රියදුරා විතරයි.. එයා පොලිසි යන්නයි හිටියේ - සජිත්, කිරිඇල්ල

පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතාට පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ පාර්ලිමේන්තු පැමිණීමට අයිතියක් නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

අද පාර්ලිමේන්තුව අමතමින් විපක්ෂනායකවරයා කියා සිටියේ පාර්ලිමේන්තුවට පැමිණෙමින් සිටින අවස්ථාවක මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට කිසිදු අයිතියක් නැති බවයි.

විපක්‍ෂ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද රැකගැනීමට කටයුතු කරන්නැයිද ඔහු කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

මේ අතර විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේ පොන්නම්බලම් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට පැමිණ ඉන් අනතුරුව පොලිසියට යාමට සූදානමින් සිටි බවයි.

පොන්නම්බලම් මන්ත්‍රීවරයා සාමකාමී කෙනෙක් බවත් ඔහුගේ ආරක්ෂාවට කිසිවෙකුත් නැති බවත් ඔහුට සිටියේ රියැදුරා පමණක් බවත් මන්ත්‍රීවරයා තවදුරටත් කියා සිටියේය.

කෙසේ වෙතත් ඊට ප්‍රතිචාර දක්වමින් කතානායක වරයා කියා සිටියේ අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයා කිළිනොච්චි අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව පාර්ලිමේන්තුවට රැගෙන එන බව පොලිසිය දැනුම් දී ඇති බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad