ශර ලකන ගවන සවය ම පරමදය නස කරයවට යන තරණයනග රකයවලට බරපතළ පරශනයක - ඇමත මනෂ - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, June 20, 2023

ශර ලකන ගවන සවය ම පරමදය නස කරයවට යන තරණයනග රකයවලට බරපතළ පරශනයක - ඇමත මනෂ

කොරියානු රැකියා සදහා පිටත්ව යන 800 වැනි කණ්ඩායම ලෙස මෙම කණ්ඩායම දකුණු කොරියාව බලා පිටත් කර යැවීමට අවශ්‍ය සියලුම කටයුතු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් සූදානම් කර තිබුණත් ගුවන් යානයේ ප්‍රමාදය හේතුවෙන් අර්බුදයක් මතු වූ බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා.  
කොරියාවේ ධීවර ක්ෂේත්‍රයේ රැකියා සදහා ශ්‍රමිකයින් පනස් දෙදෙනෙක් මේ ආකාරයට පිටත්ව යාමට නියමිතව සිටි බවයි අමාත්‍යවරයා කියන්නේ. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රමාදය නිසා ඔවුන් අද දිනයේ දී කොරියාවට නොඑවන ලෙසට කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට දැනුම් දුන් බව ඔහු සඳහන් කරනවා.

“පසුගිය මැයි 23 වැනිදාත් මේ විදිහටම ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් ප්‍රමාද වුණා. එම ගුවන් යානයෙන් කොරියාව බලා පිටත්ව යාමට නියමිතව සිටි ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් කොරියාවට භාරගැනීම එරට මානව සම්පත් දෙපාර්තමේන්තුව ප්‍රතික්ෂේප කළා. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මැදිහත්වීම මත එම ශ්‍රමිකයින් යලිත් ජුනි 4 වැනිදා කොරියාව බලා පිටත් යැවීමට කටයුතු කළත් එදත් ඒ ගුවන් යානයත් පැය දෙකක් විතර ප්‍රමාද වුණා.
 
මේ ආකාරයට කොරියානු රැකියා සදහා ශ්‍රමිකයින් රැගෙන යන ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානා ප්‍රමාදවීම බරපතල තත්වයක්. මේ නිසා කොරියානු රැකියා සදහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් යොමු කිරීම බරපතල ප්‍රශ්නයක් බවට පත්වෙලා තියෙන්නේ. දැන් අපිට සිද්ධ වෙනවා මේ තත්වය ගැන හිතලා තීරණ ගන්න” යයි මනූෂ නානායක්කාර අමාත්‍යවරයා පවසනවා.


No comments:

Post a Comment

Post Bottom Ad