වැසි වැටුනොත් ගඟ පිරෙයි... ඇමරිකානු පුරවැසිකම අතහරින්න මම සුදානම් නැහැ - බැසිල් රාජපක්ෂ - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, September 30, 2023

වැසි වැටුනොත් ගඟ පිරෙයි... ඇමරිකානු පුරවැසිකම අතහරින්න මම සුදානම් නැහැ - බැසිල් රාජපක්ෂ

තමන් ඇමරිකානු පුරවැසිභාවය අතහැරීමේ කිසිදු සූදානමක නැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

තමන් මීට පෙර ද එම ස්ථාවරයේ සිටි බවත් දැනටත් සිටින්නේද එම ස්ථාවරයේම බවත් හෙතෙම සඳහන් කළේය.

ඉදිරි ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් වන්නේ කවුදැයි මෙතෙක් තීන්දු කර නැති බවත් පවසන ඔහු දැන් ඇත්තේ වැසි වැටුනොත් ගඟ පිරෙයි වැනි තත්ත්වයක් බවද කියා සිටියි.

කෙසේ වෙතත් පක්ෂයක් ලෙස අපේක්ෂකයෙක් ඉදිරිපත් කළ යුතු යැයි යන මතය පක්ෂය තුළ ප්‍රබල ව නැගී එන බවද පවසන ඔහු එසේ නැතිව අපේක්ෂකයා කවුදැයි තවම තීරණය කර නැති බවද කියා සිටී.


No comments:

Post a Comment

Post Bottom Ad