ශ‍්‍රීලනිප ඇමතිවරුන් පිරිසක් මහින්ද හමුවේ.. ආණ්ඩුවෙන් ඉවත්වීම තහවුරුයි.. - විගස පුවත් - Vigasapuwath

Friday, September 8, 2017

ශ‍්‍රීලනිප ඇමතිවරුන් පිරිසක් මහින්ද හමුවේ.. ආණ්ඩුවෙන් ඉවත්වීම තහවුරුයි..

ශ‍්‍රීලනිප ඇමතිවරුන් කිහිප දෙනෙකු හිටපු ජනාධිපතිවරයා සමග විශේෂ සාකච්චාවක් ඒ මහතාගේ නිල නිවසේදී ඊයේ දිනයේ පවත්වා ඇත. හිටපු නියෝජ්‍ය ඇමති ප‍්‍රියංකර ජයරත්න මහතා පවසන්නේ ඇමතිවරුන් 10 දෙනෙකු මෙම 20 වන දාට පෙර එකම දිනකදී ආණ්ඩුවෙන් ඉවත් වීමට සූදානම් බවට මෙහිදී හෙලි වූ බවයි.

20 වන සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට අවශ්‍ය 2/3 බලය ලබා නොදීමට සදහා එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට දැමීමට පෙර මෙම ඉවත් වීම සිදුවන් ඇතැයිද ඔහු කීය. එජාපයේ කලකිරී සිටින මන්ත‍්‍රී පිරිසක්ද හිටපු ජනාධිපතිවරයා මීට පෙර හමු වී සාකච්චා කල බවද පවසන ඔහු පසුගිය 06 වැනිදා ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාව හදිසියේ කැදවනු ලබ තිබුනේ ඇමතිවරුන් ආණ්ඩුවෙන් ඉවත් වන සූදානම නිසා යයිද සදහන් කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad






Contact Form

Name

Email *

Message *