ශ‍්‍රීලනිපය හා පොහොට්ටුව එක් වි බිහි කරන සන්ධානයෙන් ඉදිරි ජනාධිපතිවරණයේදී අපේක්‍ෂකත්වය වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ලබා නොදුනහොත් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය තනිව තරග කරන බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද සමරසිංහ මහතා පවසයි.
එක් රාජපක්‍ෂවරයෙකු ජනාධිපති ලෙසත් තවත් රාජපක්‍ෂවරයෙකු අගමැති ලෙසත් පිලිගැනීමට රටේ ජනතාව සූදානම් නැති බවත් මන්ත‍්‍රීවරයා සදහන් කරයි. මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති කිරීමේ ගැටළුවක් නැති නමුත් මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති අපේක්‍ෂකයා නොකලහොත් ශ‍්‍රීලනිපය තනිව තරග කල යුතු බවත් ඒ මහතා කියා සිටී.
අද ලංකාදීප පුවත්පත හා අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කර තිබේ. පසුගියදා මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති කරමින් ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවක් පිහිටුවන ලද්දේ පාර්ලිමේන්තුවේ 113 ඇතැයි රාජපක්‍ෂ පාර්ශවයෙන් සහතිකයක් දී තිබූ නිසා නමුත් ඔවුන්ගේ සැබෑ උවමනාව වූයේ පාර්ලිමේන්තව විසුරුවා මැතිවරණයක් ලබා ගැනීම බවත් ඔහු පෙන්වා දෙයි.
කෙසේ හෝ එම පාර්ශවයේ ගැටයට ජනාධිපතිවරයා අසු වී පාර්ලිමේන්තුවද විසුරුවා හැරි බවත් මන්ත‍්‍රීවරයා කියයි. දැනටමත් දිස්ත‍්‍රික් මට්ටමින් ශ‍්‍රීලනිප පිරිස්වලට ඡුන්දය නොදෙන්නැයි පොහොට්ටුව විසින් සංවිධානාත්මකව ප‍්‍රචාර අරඹා ඇති බවත් එම තත්වය මත නව සන්ධානය ගැන සැක සහිත තත්වයක් ඇතිව තිබෙන බවත් සමරසිංහ මහතා තව දුරටත් කියා සිටී.
Tuesday, January 22, 2019

Home
දේශපාලන
මෛත‍්‍රීට අපේක්‍ෂකත්වය නොදුන්නොත් ශ‍්‍රීලනිපය තනිව තරග කරනවා.. ජනාධිපතිකමයි අගමැතිකමයි දෙකම රාජපක්‍ෂවරුන්ට දෙන්න බෑ.. පොහොට්ටු ගැටේට මෛත‍්‍රී අහුවුණා..
මෛත‍්‍රීට අපේක්‍ෂකත්වය නොදුන්නොත් ශ‍්‍රීලනිපය තනිව තරග කරනවා.. ජනාධිපතිකමයි අගමැතිකමයි දෙකම රාජපක්‍ෂවරුන්ට දෙන්න බෑ.. පොහොට්ටු ගැටේට මෛත‍්‍රී අහුවුණා..
Tags
# දේශපාලන
Share This

About විගස පුවත් I Vigasapuwath
දේශපාලන
Labels:
දේශපාලන
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment