අගමැති ගිය උත්සවයේ ජාතික ගීයට දෙවැනි තැන - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, February 14, 2019

අගමැති ගිය උත්සවයේ ජාතික ගීයට දෙවැනි තැන

අගමැති ගිය උත්සවයේ ජාතික ගීයට දෙවැනි තැන

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වූ යාපනයේ කෝපායී  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වැඩ සටහනට ජාතික ගීය අවස්ථා දෙකකදී ගායනා කිරීමට සිදුවන ලෙස වැඩ සටහන සකස් කොට තිබීම පිළිබදව කෝපායී ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යාපනයේ නිලධාරීන්ගෙන් අප්‍රසාදය පල වී තිබේ.

ජාතික ගීය අවස්ථා දෙකකදී ගායනා කිරීමට සලස්වා ඇත්තේ  ජාතික ගීය දෙමළෙන් හා සිංහලෙන් ගායනා කිරීමට අවස්ථා දෙකක් වෙන් කොට තිබීම නිසාය.

වැඩ සටහනට අනුව දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කිරීමට පෙරවරු 09-45 ද සිංහල භාෂාවෙන් ජාතික ගීය ගායනා කිරීමට පෙරවරු 10-12 ද වෙන් කොට තිබුණි.

නමුත් මෙතෙක් උතුරේදී ජාතික ගීය ගායනය සිංහල හා දෙමළ භාෂාවෙන් සිදු වූයේ එක් අවස්ථාවකදී එකවරය.

දෙමළ බසින් ගායනා කරන ගීය අපේ ජාතික ගීයේ තනුවට පමණක් සමාන වුවත් එහි ඇතැම් වචන ගැලපීමක් නොමැත.  කෙසේනමුත් දෙමල බසින් ජාතික ගීයක් පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිම තැනක් සඳහනක් නොමැත. 

(දිනසේන රතුගමගේ)

No comments:

Post a Comment

Post Bottom Ad