හෝමාගම රෝහලේ බුර්කාව නිසා වෛද්‍යවරියක් සිය රැකියාව අතහරී - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, May 27, 2019

හෝමාගම රෝහලේ බුර්කාව නිසා වෛද්‍යවරියක් සිය රැකියාව අතහරී


හෝමාගම මූලික රෝහලේ වෛද්‍යවරියක් පැළඳ සිටි බුර්කාව හේතුවෙන් සිය  රැකියාවෙන් ඉල්ලා අස්වීමේ පුවතක්  වාර්තා වෙනවා.
මෙම වෛද්‍යවරිය ඉකුත් අප්‍රේල් මාසයේ අවසන් සතියේ දිනෙක බුර්කාව පැළද හෝමාගම මූලික රෝහලේ සේවයට වාර්තා කර බාහිර ප්‍රතිකාර ඒකකයේ රාජකාරියට පැමිණි අවස්ථාවේදී එහි සිටි රෝගීන් ඇයගෙන් ප්‍රතිකාර ලබා ගැනීමට අකමැත්ත පළ කර තිබුණා.

 ඇය බුර්කාව පැළද රාජකාරී කිරීම සම්බන්ධයෙන් එම රෝහලේ කාර්ය මණ්ඩලය ද විරෝධය පළ කර ඇති බවයි වාර්තා වන්නේ. පසුව රෝහල් පාලන අධිකාරිය මෙම වෛද්‍යවරියට දැනුම් දී ඇත්තේ බුර්කාව ගලවා රාජකාරියට වාර්තා කරන ලෙසටයි.

සිද්ධියෙන් අනතුරුව මෙම වෛද්‍යවරිය කිසිදු දැනුම් දීමකින් තොරව රාජකාරි සදහා වාර්තා කර නොමැති බවටයි වාර්තා වෙන්නේ. පසුව ඇය තමා රැකියාවෙන් ඉල්ලා අස්වන බවට ලිපියක් මගින් රෝහලේ වෛද්‍ය අධිකාරීවරයා දැනුවත් කර තිබෙනවා. 

No comments:

Post a Comment

Post Bottom Ad