ජවිපෙ ජනපති අපේක්ෂකයා අනුර - විගස පුවත් - Vigasapuwath

Saturday, July 27, 2019

ජවිපෙ ජනපති අපේක්ෂකයා අනුර

නතා විමුක්ති පෙරමුණේ හා ජාතික විද්වත් සංවිධානය ගොඩනගා ඇති දේශපාලන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ජ.වි.පෙ. නායක අනුර කුමාර දිසානායක මහතා නම් කිරීමට එහි අභ්‍ය සාකච්ඡා කිහිපයකදීම තීරණය වී තිබේ.

ජාතික විද්වත් සංවිධානයේ තීරණ ගත හැකි මට්ටමේ සාමාජිකයන් බහුතරයක්ම එම සාකච්ඡාවලදී පවසා ඇත්තේ සිය වැඩපිළිවෙළ ජනතාව අතරට සාර්ථකව ගෙන යෑමට නම් ජ.වි.පෙ. දේශපාලන මණ්ඩල සාමාජිකයකු ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස නම් කොට ප්රචාරක කටයුතු ජ.වි.පෙ. දේශපාලන මණ්ඩලයට භාරදිය යුතු බවයි.

ඒ අනුව ජ.වි.පෙ. දේශපාලන මණ්ඩල සාමාජිකයන් අතර පැවැති අභ්යන්තර සාකච්ඡා ගණනාවකදී එහි ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු බහුතර සාමාජිකයන් පිරිසක් අනුර කුමාර දිසානායක ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස යෝජනා කොට ඇති බවද වාර්තා වේ.

ජාතික ජනබල පෙරමුණ ලෙස සංවිධානයක් ගොඩනගා එමගින් ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇත.

එම පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා ලබන අගෝස්තු මස 18 වන දින ගාලු මුවදොර පිටියේදී නම් කිරීමට තීරණය වී ඇති අතර ඒ සඳහා ලක්ෂයකට ආසන්න පිරිසක් සහභාගි කර ගැනීමට සැලසුම්කොට ඇති බව ජ.වි.පෙ. දේශපාලන මණ්ඩල සාමාජික කේ.ඩී. ලාල්කාන්ත පැවැසීය.

යටිනුවර ප්රදේශයේ පැවැති පක්ෂයේ අභ්යන්තර සාකච්ඡාවකදී ඒ අනුව පක්ෂය ලියාපදිංචිය, පක්ෂයේ සලකුණ සහ පක්ෂයේ පාලකයා තීරණය කිරීම පසුවට සිදුකිරීමට සැලසුම් කර තිබේ.

(අරුණ)


No comments:

Post a Comment

Post Bottom Ad






Contact Form

Name

Email *

Message *