යාපනය ආරක්ෂක අංශ පැවසූවේ මානිප්පා, ඉනුවිල් ප්‍රදේශයේ පැවති හදිසි මාර්ග බාධකයකදී අණක් නොතකා එහි සිටි පොලිස් නිළධාරීන්ට ද පහරදි පළාගිය ආවා කල්ලි සාමාජිකයින් පිරිසකට පොලිසිය සිදුකළ වෙඩි තැබීමකදී යාපනය, කොඩිකාමම්, කච්චායි ප්‍රදේශයේ පදිංචි සෙල්වරත්තිරම් කවිගජන් නමැති 22 හැවිරිදි මේ තරුණයා ජීවිතක්ෂයට පත්වූ බවයි.
මානිප්පායි පොලිසිය පැවසුවේ යතුරුපැදිවලින් පැමිණි ආවා කල්ලි සාමාජිකයින් තම පොලිස් නිළධාරීන් වෙත පහරදී ඇති අතර, එහිදි අදාළ පිරිස අත්අඩංගුවට ගැනීමට යාමේදි සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.
මියගිය තරුණයාගේ සිරුර යාපනය රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කොට ඇති අතර, සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ අද (21) පැවැත්වීමට නියමිතය.
පොලිසිය සිදුකළ වෙඩි තැබීම හමුවේ ආවා කල්ලි සාමාජිකයින් පළාගොස් ඇති අතර, සැකකරුවන් පැමිණි යතුරුපැදියක්, සැකකරුවන් සතුව තිබු කඩු තුනක් හා තවත් කැපුම් ආයුධ කිහිපයක් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබිණ.
යාපනය කෝපායි, මානිප්පායි, චුන්නාකම් ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් පසුගිය සමයේ ආවා කල්ලියේ මැර ප්‍රහාර ක්‍රියාත්මක වු අතර, ආවා කල්ලි සාමාජිකයින් දේපළ හානි විශාල ප්‍රමාණයක් සිදුකොට ඇති බවද ආරක්ෂක අංශ කියා සිටී.
පළාගිය ආවා කල්ලි සාමාජිකයින් සොයා පොලිසිය හා යුධ හමුදා සාමාජිකයින් ප්‍රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ.
සටහන හා ඡායා - මාධව කුලසූරිය - වවුනියාව වාර්තාකරු

No comments:
Post a Comment