ඉදිරි මාස තුනක කාල සීමාව තුළ නව රජයේ ඉලක්ක සපුරා ගැනීමට අමාත්‍යාංශයේ සියළුම නිලධාරීන්ගේ කාර්යක්ෂම සේවය තමන් බලාපොරොත්තුවන බවත්,මේ වසරේ ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති සඳහා වෙන්කර ඇති මුදල් නිසි පරිදී යොදා ගැනීමට අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න මහතා පැවසීය.
ඒ මහතා මෙම අදහස් පළකලේ අමාත්‍යාංශයේ මාණ්ඩලික නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දැක්ම තමයි වැඩකරන රටක් බිහිකිරීම. ඒ නිසා අපි ඇතුළු සියළුම රාජ්‍ය ආයතන ඒ සඳහා කැපවිය යුතු වෙනවා.ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශයට ඒ වෙනුවෙන් විශාල කාර්යභාරයක් පැවරී තිබෙනවා. මේ අමාත්‍යාශය මගින් සියළුම දිස්ත්‍රික්කයන් සඳහා සංවර්ධන කටයුතු වෙනුවෙන් ප්‍රතිපාදන වෙන්කර තිබෙනවා.විශේෂයෙන් ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති සඳහා වෙන්කර ඇති මුදල් අපි උපරිමෙන් භාවිත කළ යුතුයි.ඒ නිසා මේ සම්බන්ධව සියළුම දිස්ත්‍රික් ලේකම්වරු නැවතත් දැනුවත් කර කඩිනමින් ව්‍යාපෘති යෝජනාවන් සහ ඇස්තමේන්තු ලබා ගෙන ප්‍රතිපාදන මුදා හැරීමට පියවර ගන්න.අමාත්‍යවරයා පැවසීය.
තවදුරටත් අදහස් දක්වමින්, මේ ආණ්ඩුව අපි පිහිටුවා තිබෙන්නේ මාස තුනකට වැනි කෙටිකාලයක් සඳහායි.මාර්තු පළවෙනිදා වන විට බොහෝ විට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිතුමා ක්‍රියා කරයි.විවිධ දේශපාලන අදහස් ඇති නිලධාරීන් අප අතර සිටියත් එය අපිට ප්‍රශ්නයක් නොවෙයි.රාජ්‍ය නිලධාරීන් කිසිදු දේශපාලනයකින් තොරව රජයේ වැඩපිළිවෙල ඉදිරියට ගෙනයාමට කටයුතු කළ යුතුයි.මේ මාස තුනේ අමාත්‍යාශයේ ප්‍රගතිය සම්බන්ධව අපි මාසිකව රැස්වෙමින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වෙනවා. සෙනෙවිරත්න මහතා අමාත්‍යාංශ නිලධාරීන්ට පැවසීය.
ධම්මික තිලකරත්න
මාධ්‍ය ලේකම්
Sunday, December 1, 2019

පාර්ලිමේන්තුව මාර්තු 01 විසුරුවයි.
Tags
# ප්රවෘත්ති
Share This

About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment