ආණ්ඩුවේ සෑම පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුටම මිලියන 20ක් සහ රැකියා 700ක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, December 12, 2019

ආණ්ඩුවේ සෑම පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුටම මිලියන 20ක් සහ රැකියා 700ක්

සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුටම සංවර්ධන කටයුතු සඳහා රුපියල් මිලියන 20ක මුදලක් බැගින් ලබාදීමටත් ජනවාරි මාසය වන විට රැකියා 700 බැගින් ලබාදීමටත් කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (12) පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශ කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ රාත්‍රියේ ජනාධිපති මන්දිරයේ පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

"හැම ගමකටම ලක්ෂ 20ක් වහාම වෙන් කරලා කඩිනම් සංවර්ධන කරන්නත්, හැම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුටම මිලියන 20ක් වෙන් කරලා ජනවාරි 01 වෙනිදා වෙනකොට වැඩ අවසන් කරන්නත් හැම මන්ත්‍රීවරයකුටම රැකියාවල් 700ක් ජනවාරි වෙනකොට ලබා දෙන්නත් පළාත් සභා මන්ත්‍රීවරයකුට රැකියා 100ක් ජනවාරි වෙනකොට ලබා දෙන්නත් තීරණය කරපු බව අතිගරු ජනාධිපතිතුමා ප්‍රකාශ කළා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.


No comments:

Post a Comment

Post Bottom Ad