රාජිත හා යාළුවෙක් පිළිකා රෝහල විකුණා බිලියනයක් උපයන තැතක.- රෝහල් අධ්‍යක්‍ෂ පොලීසියට පැමිණිලි කරයි. - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, December 13, 2019

රාජිත හා යාළුවෙක් පිළිකා රෝහල විකුණා බිලියනයක් උපයන තැතක.- රෝහල් අධ්‍යක්‍ෂ පොලීසියට පැමිණිලි කරයි.

මහරගම අපේක්ශා රෝහල සඳහා යයි පවසමින් රුපියල් මිලියන 140ක් වංචනික ලෙස එකතු කළ පුද්ගලයෙකු සම්බන්ධයෙන් එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය වසන්ත දිසානායක මහතා හෙළිදරව් කරයි.
මෙම පුද්ගලයා රුපියල් බිලියනයක් එනම් රුපියල් කෝටි 100ක මුදලක් එකතු කිරීම සඳහා කටයුතු කරමින් සිටින බවද ඔහු සඳහන් කළේය.
ඒ සඳහා අපේක්‍ෂා රෝහලේ කිසිදු සම්බන්ධයක් නැති බවත් එකතු කරන ලද මුදල් මේ වනවිටත් රෝහලට ලැබී නැති බවත් ඔහු කියා සිටියේය.
අදාළ කටයුත්යේ යෙදෙන පුද්ගලයා හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතාගේ හිතවතෙක් බව ද ඔහු කියා සිටියේය.
මාධ්‍ය හමුවක් කැඳවමින් අධ්‍යක්‍ෂවරයා මෙම අදහස් පළ කළේය.
මේ ගැන තමන් විසින් පොලීසියට පැමිණිලි කර ඇති බවත් ඔහු තව දුරටත් කියා සිටියේය.
-lankacnews

No comments:

Post a Comment

Post Bottom Ad