සුදු වෑන් රියදුරන් අත්අඩංගුවට ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, December 13, 2019

සුදු වෑන් රියදුරන් අත්අඩංගුවට !

සුගිය ජනාධිපතිවරණ සමයේ දී හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සමග මාධ්‍ය සාකච්ජාවකට එක්වෙමින්, සුදුවැන් වලින් සිදුකළ පැහැරගැනීමක් හා රත්‍රන් ටොන් 7000ක් ප්‍රවාහනය කිරීමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ පුද්ගලයින් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

“ද ලීඩර්” වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ කඩවත මහර පිහිටි ශ්‍රී නමැති ආපන ශාලාවේදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

රාජිත සේනාරත්න මහතා සමග පැවති මාධ්‍ය හමුවේදී අදාල රියදුරා කියා සිටියේ වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් වරයාව සිටි සමයේදී සුදු වෑන් වලින් ජනතාව පැහැරගෙන ගොස් මරා දමා කිඹුලන්ට කන්න දැමූ බවත්, තමන් එම සුදුවෑන් රථයේ රියැදුරු බවත්ය.

අනෙක් මාධ්‍ය හමුවට සහභාගී වූ අනෙක් පුද්ගලයා කියා සිටියේ ප්‍රභාකරන් ගේ රත්තරන් ටොන් 7000 ක ප්‍රමාණයක් තමන් කොළඹට ප්‍රවාහනය කළේ ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දීම වෙනුවෙන් බවය.

එවකට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න විසින් නොවැම්බර් මස 10 වැනිදා කොළඹ දී කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක් වූ සුදු වෑන්වල රියැදුරන් බව කියාගත් පුද්ගලයන් දෙදෙනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතිඥ සංගමය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊට පසුදින (නොවැම්බර් 11 වැනිදා) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණ.

ඇන්තනී ඩග්ලස් ප්‍රනාන්දු සහ අතුල සංජීව මදනායක යන එම පුද්ගලයන් දෙදෙනාව රාජිත සේනාරත්න විසින් වෙස් ගන්වාගෙන එම මාධ්‍ය හමුවට කැඳවාගෙන පැමිණි බව එවකට විපක්ෂයේ මන්ත්‍රීවරයකුව සිටි ඩලස් අලහප්පෙරුම සඳහන් කර තිබිණ.

එම ප්‍රකාශ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගියදා දෙසැම්බර් 02 දා අධිකරණයට කරුණු වාර්තා කරමින් එම ප්‍රකාශයන්ට අදාලව විමර්ශන ආරම්භකර ඇතිබව කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad