උදයංග වීරතුංගට එරෙහි රතු වරෙන්තුවත් ගැළවෙන ලකුණු ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, December 13, 2019

උදයංග වීරතුංගට එරෙහි රතු වරෙන්තුවත් ගැළවෙන ලකුණු !

කුප්‍රකට මිග් යානා ගනුදෙනුවේදී ඇමරිකානු ඩොලර් මිලියන 7.8ක් වංචා කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී, අධිකරණය මඟහරිමින් රටින් පළාගොස් සිටින රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතාට එරෙහිව ලබාගෙන ඇති ජාත්‍යන්තර රතු වරෙන්තුව නුදුරේදීම ඉවත් කෙරෙන ලකුණු පහළ වී තිබේ.

එහි පළමු පියවර ලෙස ඊයේ (13) දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව්. තිලකරත්න මහතා එම රතු වරෙන්තුව ආපසු කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබිණි.

උදයංග වීරතුංග යනු වත්මන් ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ සමීපතම ඥාති සහෝදරයකු නිසා පසුගිය යහපාලන රජය ඔහුගෙන් දේශපාලනිකව පළිගැනීම සඳහා මෙම රතු වරෙන්තුව ලබාගෙන ඇති බවටයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂවරයා කොළඹ මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවේ කරුණු දක්වා තිබුණේ.

එහෙත් එම ඉල්ලීම මහේස්ත්‍රාත්වරයා විසින් ප්‍රතික්ෂේප කරන ලදී.

කෙසේවෙතත් ඉදිරියේදී මෙම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්ම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වාර්තා අනුව අවසානයේ එම රතු වරෙන්තුව ආපසු කැඳවීමට අධිකරණයට සිදුවනු ඇති බවයි නීති ක්ෂේත්‍රයේ ආරංචිමාර්ග සඳහන් කළේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ඩබ්ලිව්. තිලකරත්න මහතා යනු මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක අංශය භාරව සිටි පොලිස් ප්‍රධානියා ය.

lankanewsweb


No comments:

Post a Comment

Post Bottom Ad